නින්දෙන් ගෙරවීම වලක්වන ස්වාභාවික ක්‍රම 7ක්


නින්දෙන් ගෙරවීම කියන්නේ බොහෝ දෙනෙක්ට පවතින අපහසුතාවයක්. හැබැයි මෙහි බරපතලම අපහසුතාවය මතුවන්නේ ගොරවන පුද්ගලයාට වඩා එම පුද්ගලයා ළඟ සිටින අයටයි. යන්තමින් ගෙරවීම බොහෝවිට හානිකර වන්නේ නැහැ. නමුත් තදින් ගොරවන පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. මොකද ඔවුන්ගේ ශ්වසන මාර්ගයේ සැලකිය යුතු ලෙස අවහිර වීම නිසා හුස්ම හිර වීමට පවා ඉඩ තිබෙන නිසා.

ගෙරවීම නිසා දීර්ඝකාලීනව පෙනහලු, හෘදයේ හා රුධිර සංසරණ පද්ධතියේ ආබාධ ඇතිවීමට පුළුවන්. සාමාන්‍යයෙන් ගැහැණුන්ට වඩා පිරිමින් ගෙරවීම සිදුකරන අතර වයසට යන විට ගොරවන අයගේ ප්‍රතිශතය වැඩි වීමක් දකින්න ලැබෙනවා. ඒ නිසා නින්දෙන් ගෙරවීම වළක්වන ගෙදරදීම ඔයාලට කරන්න පුළුවන් දේවල් 7ක් ගැන තමයි අද අපි මේ ලිපියෙන් අරගෙන ආවේ.

1.ශරීරයේ බර අඩු කරගන්න

ශරීරයේ බර අඩු උනාම උගුර ප්‍රදේශයේ  තියෙන පටක ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ නිසා ගෙරවිලි සද්දයක් ඇතිවන්නේ නැහැ. බර අඩු කර ගන්න නම් ආහාර වලින් ලබා ගන්නා කැරලි ප්‍රමාණය අඩු කරගන්න ඕන. ඒ සඳහා කෑම කන ප්‍රමාණය අඩු කරගන්න ඕන වගේම සමබර ආහාර වේලක් ලබා ගන්නත් ඕන. මීට අමතරව හැමදාම ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා.

2.පැත්තට නිදා ගන්න පුරුදු වෙන්න

සමහර වෙලාවට උඩු අතට නිදා ගනිද්දි අපේ දිව උගුර දිශාවට ගමන් කරන්න පුළුවන්. මේකෙන් වෙන්නේ හුස්ම හිර වෙන එකයි. ඒ නිසා තමයි ගෙරවිලි සද්දයක් ඇහෙන්නේ. නමුත් පැත්තට නිදා ගන්න කොට මේ විදියට හුස්ම උගුරේ හිර වීමක් සිදුවන්නේ නැහැ.

3.ඇඳේ ඔලුව තියෙන පැත්ත ටිකක් උස්සල නිදාගන්න 

ඔයාලගේ ඔලුව ඇඳෙන් අඟල් 4ක් විතර ඉස්සිලා නම් තියෙන්නේ උගුර ප්‍රදේශයේ වාතය හිර වෙන්නේ නැහැ. ඒ නිසා නින්දෙන් ගොරවන්නේ සිද්ධ වෙන්නෙත් නැහැ. 

4.Nose Strips පාවිච්චි කරන්න

නහයට අලවන strips නහය උඩ ඇලෙව්වම නාස් කුහරයෙන් වාතයට ඇතුළු වෙන්න පුළුවන් ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. එනිසා අවහිරයක් නැතුව හුස්ම ගන්න පුළුවන් වෙනවා. Dilator මගිනුත් සිදුවන්නේ වාතය නහය ඇතුලේ සිර වීම වැළැක්වීමයි. 

5.ආසාත්මිකතා සඳහා බෙහෙත් ලබාගන්න

ඔයාගේ ඇඟේ මොකක් හරි ඇලජි තියනවා නම් එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ නාස් කුහරය අවහිර වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට නාසය තුලින් වාතය පිට වීම අඩුවීම නිසා කටින් හුස්ම ලබා ගන්න සිදු වෙනවා. කටින් හුස්ම ගන්නකොට නින්දෙන් ගොරවන්න තියෙන අවස්ථාව වැඩියි. 

6.නිදාගන්න යන්න කලින් මත්පැන් බොන එක නවත්වන්න

ඇල්කොහොල් වලට උගුරේ මාංශපේශි සැහැල්ලු කරන්න පුළුවන් නිසා නින්දෙන් ගෙරවීම වැඩි වෙනවා. ඒ  නිසා නිදාගන්න පැය දෙකකට කලින්වත් ඇල්කොහොල් පානය කිරීමෙන් වළකින්න ඕන.

7.නිදි පෙති පාවිච්චිය නවත්වන්න

නින්දේදී ගොරවන මිනිස්සු නිදි පෙති භාවිතා කිරීමෙන් පසුව ඊටත් වඩා හයියෙන් ගොරවනවා. ඒකට හේතුව තමයි නිදි පෙති මගින් අපේ උගුර ආශ්‍රිත මස් පිඩු ලිහිල් කරලා ගෙරවිල්ල තවත් දරුණු කිරීම. ඉතින් ඔයා නිදි පෙති පාවිච්චි කරන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් හමුවෙලා නිදි පෙති වෙනුවට භාවිතා කරන්න පුළුවන් වෙන option එකක් ගැන දැනගන්න

ඉතින් මේ වැදගත් ලිපිය තව කෙනෙක්ට දැනගන්න පහතින් ශෙයාර් කරන්න අමතක කරන්න එපා..

Post a Comment (0)
Previous Post Next Post