ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ යම් පුද්ලයෙකු ක්‍රිප්ටොකරන්සි භාවිතයෙන් ගනුදෙනු කරන්නේ නම් එහි අවදානම දැරීමේ වගකීම ද ඔවුන් සතු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මේ වන විට ඇතැම් සමාගම්, විශේෂයෙන්ම සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) වෙළෙඳාමේ නිරත සමාගම් ඒවා අලෙවියේ දී සහ බදු දීමේ දී ක්‍රිප්ටොකරන්සි ගෙවීම් භාරගන්නා බවට ප්‍රසිද්ධි දැන්වීම් පළකර ඇති බැවින් එවැනි ගනුදෙනු ශ්‍රී ලංකාව තුළ අනුමතද යන කරුණ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
“ක්‍රිප්ටොකරන්සිවල අපේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. අපි ඒ ප්‍රතිපත්තියේම තමයි ඉන්නේ. යම් අය වෙන වෙන මුදල් භාවිතා කරනවා නම් ඒ අවදානම ඒ අය ගන්න ඕනේ. භාණ්ඩ හුවමාරු කරද්දීත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ මුදල් ඒකකය රුපියල. එතනින් එහාට වෙන කිසිම දෙයක් අපි අනුමත කරලා නැහැ“, යනුවෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය