බැසිල් වගේ පැමිණි අයට ගොවීන් පහරදී පළවා හැරලා

පොහොර සම්බන්ධ ගැටලු හේතුවෙන් මේ වනවිට දිවයින පුරා ගොවියන් රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරවල නියැළි සිටින අතරවාරයේ ඊයේ දඹුල්ල ප්‍රදේශයේ නිර්මාණාත්මක නාටකීය විරෝධතාවයක් පැවැත්විණි.

බැසිල් රාජපක්ෂ ආකාරයට පුද්ගලයෙකු ඡායාරූප මුහුණක් සකස්කරගෙන සාටකයක්ද පළඳාගෙන සුඛෝපභෝගී වාහනයක විරෝධතා පිරිස අතරට පැමිණි අවස්ථාවේ විරෝධතා කරුවන් සමග ඔහු කතාකරන්නට බිමට බසිද්දී ඔහුට පහරදෙන අයුරුත් ඔහු බියවී පළායන අයුරුත් රඟ දැක්විණි.

එසේම අගමැති මහින්ද හා ජනපති ගෝඨාභයගේ මුහුණු ඡායාරූප පැළඳ මිනී පෙට්ටියක් කර තබාගෙන යන අයුරුද ඔවුන් අනුකරණය කර තිබුණි. ඇමති මහින්දානන්දගේ මුහුණු ඡායාරූප පුළුස්සන ලදි.

අදාළ වීඩියෝව පහතින්



Post a Comment (0)
Previous Post Next Post