තවත් සති කිහිපයකින් මුළු රට ම විවෘත කර රට දියුණු කිරීමේ වැළපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇතැයි,මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ, දූෂණයෙන් තොරව රට හැදූ නිසා අද සංවර්ධනය සිදු කර ගෙන යාමට මුදල් ඇති බවයි.
ඩොලර් නැති ප්‍රශ්න, භාණ්ඩ මිල වැඩිවීම් රටේ තාවකාලික ප්‍රශ්න බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
”මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා පැරැද්දුවේ නැත්නම් අද වෙද්දි මේ අධිවේගී මාර්ගය මේ රටේ ජනතාව පාවිච්චි කරනවා. මගෙන් ඇහුවා මාධ්‍යවේදීයෙක් ඔබතුමාලාට සල්ලි තියෙනවාද? කියලා.මං කිව්වා සල්ලි තියෙනවා සල්ලි නැත්නම් කොහොමද? පඩි ගෙවන්නේ දහතුන් ලක්ෂයකට සමෘද්ධි දෙන්නේ කොහොමද? කොහොමද පාරවල් ටික හදන්නේ කෙහොමද වරාය දියුණු කරන්නේ කොහොමද මේ රට ඉදිරියට යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්ව විදිහට අර දුෂණයෙන් තොරව මේ රට හදපු නිසා තමයි අද අපිට මුදල් තියෙන්නේ.
මේ රටේ සංවර්ධනය කරගෙන යන්නට මේ ඩොලර් නැති ප්‍රශ්න මේ මිල වැඩිවීමේ ප්‍රශ්න සීනි ප්‍රශ්න හාල් ප්‍රශ්න මේවා ඔක්කොම තාවකාලික ප්‍රශ්න මේ හැම දේකිම්ම අපි ජයග්‍රහනය කරලා මුලු රටම තව සති කිහිපයක් යන්න ඉස්සෙල්ලා අපි සම්පූර්ණම විවෘත්ත කරලා එදා වැඩිය තිබිච්ච රටක් විදිහට අපේ ශ්‍රී ලංකාව දියුණු කරන වැඩපිළිවෙලට අපි අතගහලා ඉවරයි කියලා අපි හදවතින්ම මේ වෙලාවේ මතක් කරනවා”
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මුදල් යොදා සංවර්ධනය කරන කොළඹ වරාය පිවිසුම් මාර්ගයේ පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවයට එක්වෙමිනි.
– NEWS1ST