පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදී ගැනීම සදහා යළිත් වතාවක් තීරුබදු රහිත බලපත්‍ර ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.
කණ්ඩායම් රැස්වීම අතරතුරදී පසුපෙළ මන්ත්‍රීවරයකු වූ තිස්ස කුට්ටිආරච්චි මහතා මේ පිළිබදව කරුණු දක්වමින් තමන් ඇතුලු කණ්ඩායම වාහනයක් පවා නොමැතිව ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව සදහන් කොට ඇත.
මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉකුත් වතාවකදී රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ තමන්ට වාහන අවශ්‍ය නැති බවට මන්ත්‍රීවරුන් ප්‍රකාශ කොට තිබීම නිසා වාහන ලබා දීමට පියවර නොගත් බවකි.
ඒ අනුව අගමැතිවරයා වාහන අවශ්‍ය නැතැයි කියන මන්ත්‍රීවරුන්ට අත් ඔසවන ලෙස කියා සිටිද්දී කිසිදු මන්ත්‍රීවරයකු අත් එසවීමට පියවර ගෙන නැත.
පසුව වාහන අවශ්‍ය බව කියන මන්ත්‍රීවරුන්ට අත් ඔසවන ලෙස අගමැතිවරයා ප්‍රකාශ කරද්දී සියලුම මන්ත්‍රීවරුන් අත් ඔසවා ඊට ප්‍රතිචාර දක්වා ඇත.
මෙහිදී ඇතැම් මන්ත්‍රීවරුන් දෑතම ඔසවා ඇති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව අගමැතිවරයා සදහන් කොට ඇත්තේ එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් වතාවක් වාහන බලපත්‍රයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවකි.
අගමැතිවරයාගේ මේ ප්‍රකාශයක් සමග සියලුම මන්ත්‍රීවරුන් අත්පොලසන් දී ඊට සතුට පළ කොට ඇති බවද දැනගන්නට තිබේ.