ඉන්ධන මිල දමන බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බවත් ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර තමන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ ඉහළ දමන බවට කෙරෙන ප්‍රචාර හේතුවෙන් ජනතාව අදත් ඉන්ධන රැස්කරගෙන ඇති බව කී අමාත්‍යවරයා නියත වශයෙන්ම අද ඉන්ධන මිල ඉහළ නොයන බව ද සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (සිපෙට්කෝ) හිමි රට පුරා ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැති තත්වයක් අද නිර්මාණය වී තිබූ අතර භූමිතෙල් සැපයුම ද සීමාකර තිබුණි.
අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් ඔක්ටේන් 92 පෙට්‍රල් අවශ්‍ය තරම් ලබාගැනීමට හැකියාව තිබූ අතර සිපෙට්කො පිරවුම්හල් ඔක්ටේන් 95 පෙට්‍රල් අඛණ්ඩව සපයයි. සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් පාලකයන් පවසන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ඇනවුම්කර දින කීපයක් ගතවුවද මේ දක්වා නොලැබුණු බවයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 157 කට ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 කට ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කටද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 144 කටද, භූමිතෙල් ලීටරයක් රුපියල් 77 කටද සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අළෙවි කරයි.
අයි.ඕ.සී. සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 5 බැගින් ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 කට සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 116 කට අළෙවි කරයි.