සජබ සංවිධායක ධුරයෙන් මන්ත්‍රී හේෂා අස්වේ...


සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන කොළොන්න ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරට යවා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග මගින් ‘අරුණ’ට අනාවරණය වෙයි.

මෙම ආසනයේ සංවිධායක ධුරය තමන්ට ලබා දෙන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි තලතා අතුකෝරාළ ඉල්ලා සිටීම මීට හේතු වී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම ගැටලුව මත මන්ත්‍රීවරිය පසුගිය කාලයේ දී පක්ෂයේ කටයුතුවලින් ඈත් වී සිටි බව ද කියයි.

මේ අතර සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය සම්බන්ධයෙන් ද ගැටලුවක් උද්ගත වී තිබේ. දිස්ත්‍රික් නායකත්වය දැනට දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර ය. එම ධුරය තමන්ට ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් දිගින් දිගටම ඉල්ලීම් කරනු ලැබීම ගැටලුවට හේතු වී තිබේ.

Post a Comment (0)
Previous Post Next Post