සෑම බෞද්ධ නිවසකම බුද්ධ ප්‍රතිමාවක් වන්දනා කිරිම දිනපතා කරන කාර්‍යයක් බවට පත් වෙලා තියෙනවා.දිනපතා උදෑසන හා හවස බුදුහිමියන් වෙනුවෙන් බුදු පහන තියන්න නම් අමතක කරන්නෙ නෑ. නමුත් සමහරුන්ට මේක දිනපතා කරන ක්‍රියාවක් විතරක් බවටම පත් වෙලා.
කොහොම වුනත් ඇත්තටම අපි අපේ ආගම අපේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් කරන ඕනෑම දෙයක් හදවතින්ම භක්තියකින් ඉටු කරන්න ඕන.ගෙදර බුදු පහන තියනවා නම් අනිවාර්යයෙන් බුදු පහන තියෙන කුටියෙ ඉඳලා ඒ අවට වගේම ගේ දොරත් හොඳ පිළිවෙලට පිරිසිදුවට තියා ගන්න ඕන. මොකද ඔබ ඔබේ උපරිම භක්තියෙන් බුදුහිමියන්ට මල්පහන් පූජා කරලා වදිනවා කියන්නෙ ලොවක් පාලනය කරන දෙවි දේවතාවුන් වහන්සේලාගේ බැල්ම පවා ඔබට වගේම ඔබේ නිවසටත් ලැබෙනවා කියන එක. බුදුහිමි උදෙසා බුදු පහන තියන එක වුනත් එහෙමයි. ඉතින් මේ කොහොම වුනත් නිවසේ බුදු පහන තියන ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් ගැන තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්න යන්නේ.
1.ලොව්තුරා බුදු පියාණන් උදෙසා ඔබේ නිවෙසේ පහනක් දැල්වීමේ දී පිරිසුදු යහපත් ස්ථානයක් ඒ සඳහා වෙන්විය යුතුයි.
2. මොනයම් හේතුවක් නිසාවෙන් හෝ බුදු පහන බිමක තැබීම නොකළ යුතුයි.ඔබේ හිසට උඩින් ඉතාමත් පිරිසුදු තැනක් මේ සඳහා වෙන්කර ගත යුතුය.
3.ඔබ දෙමහල්, තෙමහල් නිවෙසක හිමිකාරිණියක් නම් ඉහළ මහලේ තැනක් මේ සඳහා තෝරාගත යුතු වේ.
4. බුදු හිමි නමදින බුදු කුටිය අසලින් කවදාවත් ගෙදරට මාළු පිළී අරන් එන්න එපා. ගෙදර ශීතකරණ කවදාවත් බුදු කුටිය තියෙන කාමරය තුල තබන්නත් එපා.
5.ඇතැමුන්ගේ දුර්මත බොහෝයි. සුදු බුදු පිළිමය, කළු ගල් පිළිමය, තැඹිලි පැහැති බුදු පිළිමය ආදී වශයෙන් පිළිම නෙළා තිබේ. මෙහිදී වර්ණය වඩාත් වැදගත් නොවේ.
දයාව, කරුණාව පිරුණු පිළිමය දැකීමෙන් ඔබට ගෞරවයක් දැනෙන පිළිම වහන්සේ නමක් තෝරා ගත යුතුයි.වඩා වැදගත් වන්නේ ශ්‍රද්ධාවයි.බොහෝ දෙනාගේ මතය අනුව සමාධි මුද්‍රාව සහිත බුදු පිළිමයක් ඉතා සුබ ලෙස සැලකේ .
6.ඇතැමුන් තමන්ගේ ලෙහෙසිය පහසුව උදෙසා නිවෙසේ තබන බුදු පහන වෙනුවට බල්බ් එකක් දල්වාලයි. එය බෞද්ධයකුගේ ගුණයක් නම් නොවේ.
7.ඔබ පිරිසුදු පොල්තෙල්වලට පහන් තිරයක් දමා පහන දැල්වීම කළ යුතුයි.මේ පහන පැය 1/2 කට අඩුවෙන් දල්වන්නට එපා.
8.බුදු පහන පැය පහක් හෝ ඊට වඩා දැල්වීම සිදු කරනවා කරනවා නම් වඩාත් යහපත්
9.වැස්මක් තියෙන පහනක් නම් වඩාත් සුදුසුයි. නැතිනම් කෘමි සතුන්, දූවිලි පහනේ තෙල්වලට මුසු වේ.පීරිසියක් වැනි දෙයක් මත ඔබ බුදු පහන තබා පිළිගැන්විය යුතු යි.
10.බුදුහිමියන් වෙනුවෙන් පහන පත්තු කරන ඔබේ ගෙදර බුදු කුටිය දිනපතාම පිරිසිදු කරලා පිළිවෙලකට තියා ගන්න අමතක කරන්න එපා.
11.මුළු නිවසම හා ගෙවත්ත ම පිරිසිදු කර සුවඳ දුම් ඒ වටා ඇල්ලීම සිදුකර බුදුන් වැඳීමේ යෝග්‍ය වේ.
12.බුදුපහන දැල්වීමේ දී වඩාත්ම යෝග්‍ය වනුයේ හිරු උදාවන වේලාව සහ සවස් කාලයේ අඳුර වැටී එන වේලාවයි.නිශ්චිත වෙලාවක් ගැන සඳහන් නොකළත් බොහෝ අවස්ථාවන් වල දී උදෑසන 6 සිට 7 දක්වාත් සවස 5 සිට 6 දක්වාත් අද පහන දැල්වීම සුදුසු බව පවසනවා
13.බුදු හිමි නමදින්න කලින් ඔබ ගෙදර දොර පිරිසිදු කරනවා වගේම ඔබත් මුහුණකට සෝදලා පිරිසිදු වෙලා සිටිය යුතුයි. මොකද බුදුහිමි නමදින්න අපි අපේ හිත පිරිසිදු කර ගන්නවා වගේම මේ දිරාපත්වන කයත් පිරිසිදු කර ගන්න ඕන.
14.බුදු පහන තියලා ගෙදරදි පංචශිලය සමාදන් වෙලා මල්,පහන්,සුවද දුන්, පැන් පූජා කරන ගාථාවන් කියලා, බුද්ධ රත්නය ධම්ම රත්නය මා සංඝ රත්නය වන්දනා කරලා දෙවියන්ට පිං දෙන්න.
15.කවදාවත් ඔබ ගෙදරදි බුදුන්ට වඳින කොට මලගිය ඥාතීන්ට පිං දෙන්න යන්න එපා. මොකද නැති බහිරවයො ගෙදරට ගෙන්න ගන්න වැඩක් ඒක නම්.
ඉතින් ඔබත් ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් විදියට ඔබගෙ නිවසේ බුදු පහන තියන කෙනෙක් නම් අනිවාර්යයෙන් මම මේ කියපු කරුණු කාරණා හොඳින් අවබෝධ කර ගෙන ඒ දේවල් ඒ විදියට ඉටු කරන්න.