අක්මාව යනු මිනිස් සිරුරේ ඇති දෙවන විශාලතම ඉන්ද්‍රිය වන අතර විශාලතම ග්‍රන්ථියයි.කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන සහ ලිපිඩ පරිවෘත්තියට දායක වීම, දේහ උෂ්ණත්වය නියාමනයට දායක වීම, රුධිරය ගබඩා කර තබන අවයවයක් සේ ක්‍රියාත්මක වීම, ඛනිජ ද්‍රව්‍ය ගබඩා කිරීම, ප්ලස්ම ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීම මෙන්ම ප්‍රධාන වශයෙන් සිරුරේ විෂහරණ අවයවය සේ ක්‍රියාකිරීම අක්මාව විසින් ඉටුකරන කෘත්‍යයන් අතර වේ.
නමුත්, කාලයත් සමඟ ඇතැම් විට අක්මාව අකර්මන්‍ය වීම සිදුවිය හැකියි. මේ සඳහා එහි විෂ අපද්‍රව්‍ය එක් රැස් වීමත් ප්‍රධාන හේතුවක් විය හැකියි. මෙම කාර්යන් ඉටු කිරීම සඳහා දෛනිකව අක්මාව තුල දැඩි ක්‍රියාකාරීත්වයක් ඇතිවේ. ඉතින් ඒ නිසාම මෙම අවයවය පීඩනයට -ආතතියට ලක්වීම සිදුවිය හැක. ඔබේ අක්මාවට විෂද්‍රව්‍ය ආරක්ෂිතව අපද්‍රව්‍ය ලෙසට පරිවර්තනය කිරීම තවදුරටත් සාමාන්‍ය පරිදි සිදුකල නොහැකි විට, අක්මාව යථා තත්වයට පත්වී සිරුරෙන් බැහැර වීමට පටන්ගන්නා තුරු එම විෂද්‍රව්‍ය ඔබේ සිරුරේ මේද පටක තුල තැන්පත් වී පවතියි.
මෙසේ ඔබේ අක්මාව තුල අධිබාරයක් ඇති වී ඇති බවත් , තවදුරටත් සාමාන්‍ය ලෙස අක්මාවට ක්‍රියාත්මක වීම අපහසු බව ඔබේ සිරුරේ විවිධ ලක්ෂණ මඟින් පෙන්නුම් කෙරේ. එසේ පහළ විය හැකි ලක්ෂණ 6 ක් ගැනයි අද අප ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ. මෙම ලක්ෂණ ඔබේ ශරීරයේ පහළ වී ඇත්දැයි ප්‍රවේශමින් පරීක්ෂා කර බලන්න. මේවා ඔබේ අක්මාවේ ක්‍රියාකාරීත්වය පිලිබඳව ඔබට අනතුරු හැඟවීමට උත්සාහ කරන අනතුරු සංඥා ලෙස හැඳින්විය හැකියි.
ආකූලබව (මනසේ කලබලකාරීබව)
ඔබේ අක්මාව තුල අධිබාරයක් ඇතිවන විට (විෂද්‍රව්‍ය පිරී ඇතිවිට) ඊට රුධිරය නිසි පැරිදි ක්‍රමවත්ව පෙරීම සිදුකල නොහැකි වී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස විෂ අපද්‍රව්‍ය ඔබේ මොලයට ගමන් කරයි. මෙසේ සිදුවන විට මනසේ වියවුල් බව, මතකය ආශ්‍රිත ගැටලු ඇතිවීම සහ තීරණ ගැනීමේ දුෂ්කරතා ආදි ලක්ෂණ ඔබ කෙරෙන් පෙන්නුම් කිරීමට පටන්ගනියි.
රුධිරයේ සීනි මට්ටම අඩුකම
රුධිරයේ සීනි සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යාම අක්මාව විසින් සිදුකරන තවත් වැදගත් කාර්යයකි. අක්මාව පීඩාවට -ආතතියට ලක්වී ඇතිවිට අප සිරුරේ රුධිරයේ ඇති සීනි මට්ටම එක්වරම පහත වැටීමක් අත්දැකීමට ලැබෙනු ඇත. සාමාන්‍යයෙන් ආහාර වේලකින් අනතුරුව ග්ලූකෝස් පැසුරුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදුකරනු ලබන්නේ අක්මාව විසිනි.නමුත්, එසේ අක්මාවට එසේ ගබඩාකරගත් ග්ලූකෝස් රුධිර ප්‍රවාහයට නිකුත් කිරීමට නොහැකිව යන විට, ඔබේ රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම එක්වරම පහත බැසීමට පටන්ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ සීනි මට්ටම අඩු වීම හේතුවෙන් සිරුරට විඩාබර බවක්, නොසන්සුන්කාරි බවක් සහ මානසික ඒකාග්‍රතාව ඇතිකරගැනීමට නොහැකි වීම ආදි තත්වයන් මතුවිය හැක.
හෝර්මෝන අසමතුලිතාව
අක්මාව විසින් ලිංගික හෝර්මෝන පාලනය කිරීම ද සිදුකරයි. අක්මාව අකර්මන්‍ය වීම හේතුවෙන් සිරුරේ ඊස්ට්‍රජන් ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝන මට්ටම් අසමතුලිත වී යා හැකිය. ඒ හේතුවෙන් ලිංගික ආශාව සහ ශක්තිය අඩුවීම,පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය (PMS) ආදි බරපතල ගැටලු මතුවිය හැක.
මනෝභාවයන් වෙනස්වීම
ඔබේ මනෝභාවයන් සහ මතකය රඳාපවතින්නේ නැතිනම් තීරණය වන්නේ මොලයේ පවත්නා ස්වභාවය මතයි. නමුත්, විෂ අපද්‍රව්‍ය වැනි දෑ මොලයට ගමන් කිරීම සිදුවූ විට ඔබට දේවල් මතක තබාගැනීමේ ගැටලු මතුවීම සහ නිරන්තරන්යෙන් ඔබේ මනෝභාවයන් වෙනස්වීම වැනි ගැටලු උද්ගත විය හැක.
ඔබේ අක්මාවේ පවත්නා තත්වය අනුව කාංසාව සහ විෂාදය (මානසික අවපිඩනය) වැනි තත්වයන් කෙරෙහි බලපෑම් (සම්බන්ධතාවන්) පවතියි. ඔබ තුලත් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරන බව හැඟේ නම් වඩාත්ම හොඳ පියවර වන්නේ වෙනත් වේදානානාශක ඖෂධ භාවිතයට පෙර වෛද්‍යවරයෙකු හමුවී ඔබව පරික්ෂා කරගන්න.
ප්‍රතිශක්තිකරණය ආශ්‍රිත රෝග - ගැටලු
ඇතැම් අයට නිරන්තරයෙන් උණ සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් වෛරස් ආසාදනයන් වැලඳීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව වන්නේ සිරුරේ ඇති විටමින් C ඌනතාව බව ප්‍රබල පිලිගැනීමයි. නමුත්, ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනැංවීම සඳහා සිරුරේ ඇති ප්‍රධාන අවයවයක් වන අක්මාව වැදගත් භූමිකාවක් ඉටු කරන බව බොහෝ දෙනා නොදත් කරුණකි. ඒ අනුව ඔබේ අක්මාව නීරෝගීව පවතින තාක්කල් ඒ ක්‍රියාකාරීත්වය මඟින් වෛරසයන්ට සහ බැක්ටීරියාවන්ට එරෙහිව වඩාත් හොඳින් සටන් කරමින් සිරුර ආරක්ෂා කරයි.
නිද්‍රා ඇප්නියාව
නිද්‍රා ඇප්නියාව යනු පුද්ගලයෙකුගේ ශ්වසනය තත්පර 10 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් තිස්සේ එක්වරම නැවතීම සහ යලි ක්‍රියාත්මක වීමට පටන්ගැනීම සිදුවන පිඩාකාරි රෝග තත්වයකි. මෙහි බරපතල තත්වයකදී ශ්වසන මාර්ගය මිනිත්තු 2-3 ක් පමණ දිගු කාලයක් පුරාවට අවහිර වී යාම සිදුවිය හැකිය. මෙවැනි කෙටි කාලයන් සියල්ල එකට ගණනය කර බැලූ විට එය ඔබේ සම්පූර්ණ නිදන කාලයෙන් අර්ධයකට පමණ සමානය. නිද්‍රා ඇප්නියාවේ ප්‍රධානතම රෝග ලක්ෂණයක් වන්නේ නින්දෙන් ගෙරවීමයි (එහි තවත් රෝග ලක්ෂණ ලෙස නින්ද අතරතුරදී එක්වරම හුස්ම ගැනීම නතර වී යාම, ඝෝෂාකාරී ලෙස ගෙරවීම, අවදි වූ විට කට වියළීගොස් තිබීම, ඉන්සොම්නියාව හෙවත් නින්ද නොමැතිකම, සහ දහවල් කාලයේදී වෙහෙසකට බවක් දැනීම වැනි තත්වයන් මතුවිය හැකියි.)
ඇප්නියා තත්වයේ යම් කිසි රෝග ලක්ෂණයක් ඔබ තුල පහළ වී ඇත්නම් බොහෝ දුරට ඔබේ අක්මාව නිසි පරිදි සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියානොකරනවා විය හැකි බැවින් වහාම ඔබේ අක්මාව වෛද්‍ය පරික්ෂාවකට ලක් කරගැනීම වඩාත් සුදුසුය.
අක්මාවේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව වැඩිදියුණු කරගත හැකි ක්‍රම
පළමුවෙන්ම වැදගත් වන දේ වන්නේ ඔබ විසින් නීරෝගි-සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවකට සහ ජීවන සැලසුමකට හුරුවීමට පටන්ගැනීමයි. මින් අදහස් වන්නේ ඔබ දැඩි ලෙස ආහාර පාලනය කරමින් ‘ක්‍රෑෂ් ඩයට් ‘ වැනි සිරුර පීඩාවට පත්වන ආකාරයේ ආහාර පාලනයකට මාරු විය යුතු බව නම් නොවේ. ඔබට හැකියි පහත සඳහන් සරල පියවර කිහිපය ඔබේ දෛනික ජීවිතයේම කොටසක් වශයෙන් අනුගමනය කිරීම අරඹන්න.
♣ දිනකට ඔබ පරිභෝජනයට ගන්නා ෆෘක්ටෝස් (Fructose) ප්‍රමාණය ග්‍රෑම් 20 කට සීමා කරන්න.
♣ ප්‍රදාහය තත්වයන් උද්ගත වීමට හේතුවන එළවළු තෙල් භාවිතයට ගැනීමෙන් වළකින්න.
♣ සෝඩා පාන වර්ග පානය කිරීමෙන් වළකින්න.
♣ සිරුරට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල පෝෂණය යහමින් ලැබෙන පරිදි ඔබේ දෛනික ආහාර වේලට සත්ව සහ ශාකමය ආහාර වැඩිපුර එක්කරගන්න.
♣ පළා වර්ග සහ කොළ පැහැති පත්‍රමය එළවළු වර්ග (සලාද, නිවිති ආදි) පරිභෝජනය වැඩි කරන්න.
♣ මධ්‍යසාර අඩංගු පාන වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කරන්න.
♣ සල්ෆර් පෝෂක අඩංගු ආහාර මූලාශ්‍ර ලෙස සැලකෙන බිත්තර, සුදුලූණු, සහ ලූණු වර්ග ඔබේ ආහාර වේලට එක්කරගැනීමට අමතක කරන්න එපා!
මේ වැදගත් ලිපිය තවත් කෙනෙක්ට බලන්න ශෙයාර් කරන්න අමතක කරන්න එපා..