44 හැවිරිදි අනියම් දීගය හැරගිය සොවින් 22 හැවිරිදි තරුණයා ජීවිතය තොර කර ගනී


වයස අවුරුදු 44 ක සිව් දරු මවක සමග මාස 5 ක් දීග කෑ 22 හැවිරිදි තරුණයෙකු ස්වාමියා පැමිණ බිරිඳව රැගෙන යාම නිසා සිත්තැවුලට පත්ව එදින රාත්‍රියේම ගෙල වැලලාගෙන මියයාමේ ශෝකජනක පුවතක් කන්තලේ පොලිසියෙන් වාර්තා වෙනවා.

තරුණයා මව හා පියා නොමැතිව සිය මිත්තනිය ලඟ වෙසෙන කුලී කරමින් ජීවත් වූ අයෙක්. මීට කලකට පෙර ඔහු කුලී වැඩ සඳහා කුච්චවේලි ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී මෙම 44 හැවිරිදි කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. කෙසේ හෝ සම්බන්ධය බොහෝ දුර දිය ගොස් ඇති අතර අවසානයේ සිව් දරු මව, සිය වැඩිමහල් දරු තිදෙනා හැරදමා වයස අවුරුදු 1 1/2 ක් පමණ වූ දරුවාද හා තරුණයා සමග කන්තලේ නිවසට පැමිණ තිබෙනවා. ඉන්න හිටින්නට හරි හමන් ගෙයක් දොරක් නැති අන්ත අසරණ අයුරින් ජීවත් වන තරුණයා සමග මෙම මව මාස 5 ක් පමණ එකට ජීවත්වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒත් හිටිගමන් ඇයගේ නියම ස්වාමිපුරුෂයා පැමිණ සිව්දරු මව රැගෙන ගොස් තිබෙනවා. සිද්ධියට මුහුණ දුන් තරුණයා සිත්තැවුලෙන් බොහෝ සේ කල්පනා කරමින් සිට රාත්‍රී 8.00 ට පමණ සිය නිවස ඉදිරිපිට ඇති කොස් ගසේ අත්තක රෙදි පටියකින් ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.

Post a Comment (0)
Previous Post Next Post