ඇතැම් රස කාරක වර්ග භාවිතයේ දී අප ඉතාමත් ප්‍රවේසම් වීම වැදගත් වේ. එවැනි එක් රස කාරක වර්ගයක් ලෙස ලූනු හැඳීන්විය හැකියි.
කිසිම විටෙක ලූනු කැපීමෙන් පසුව නැවත භාවිතයට නොගත යුතුය. ලූනු කැපීමෙන් හෝ සුද්ධකර තැබීමෙන් පසුව වාතයට නිරාවරණය වන සේ නොතැබිය යුතුය. කැපූ ලූනු වාතයට නිරාවරණයකර තැබීමෙන් විස වේ. මේ සඳහා ඔබට කුඩා පරීක්ෂණයක් සිදු කළ හැකියි. ලූනු ගෙඩියක් සුද්ධකර කපා පැය කිහිපයක් වාතයට නිරාවරණය වන සේ තබන්න. පසුව මේ ලූනු ගෙඩියේ පැහැය හා සුවඳ නිරීක්ෂණය කරන්න.
එහි පැහැය හා සුවඳ වෙනස් වී ඇති බව ඔබට පෙනේවි. ලූනුවලට පිටත ඇති විසබීජ උරා ගැනීමේ හැකියාවක් පෙන්නුම් කිරීම මේ තත්ත්වයට හේතු වේ.
සලාද සෑදීමේ දී ලූනු යොදා ගන්නවා නම් ඒවා ආහාර ගන්නා වේලාවට ම සකසා ගැනීමත් සකසා බොහෝ වේලාවක් නොතැබීමත් වැදගත් වන්නේ මේ නිසයි.
රතු ලූනුවල සෙම බුරුල්කර බැහැර කරන ගුණයක් පවතී.
මේ නිසා සෙම්රෝගවලට රතු ලූනු වඩාත් ගුණදායක වේ. පිත බැහැර කරන ගුණයක් ද ලූනු සතුව ඇත. වාතය නසයි. කැස්ස, ඇදුම යන ශ්වාසනාල අවහිරතාවල දී ඉතා ගුණ ගෙන දෙන ආහාරයකි. ආහාර රුචිය වර්ධනය කරයි. සිරුරේ විස නසන ගුණයක් ද ලූනුවල ඇත.
සෑම ව්‍යංජනයක් ම සකසන විට ලූනු ස්වල්පයක් දැමීම මඟින් එහි රසයත් ගුණයත් යන දෙකම වර්ධනය වේ.