යුද ජයග්‍රහණ සැමරීම සඳහා ස්මාරක ඉදි කිරිමක නොකල යුතු බව මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ සඳහන් කරති.
සඳහිරු සෑය නිර්මාණය කර ඇත්තේ යුධ ජයග්‍රහණය සැමරීමේ ස්මාරකයක් ලෙස බවද පැවසූ වසන උන්වහන්සේ මෙහි කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී තමා ඊට විරෝධය පළ බවද සඳහන් කරති.
මෙම ඉදිකිරීම හේතුවෙන් පරාජිත වූ පිරිසකට වෛරය ඇතිවන බවත් ඒ ආකාරයට කටයුතු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටිති.
සඳ හිරු පරාජිත පිරිසක් අතර වෛරය දල්වන ගින්දරක් බවත් පෙන්වාදෙන උන්වහන්සේ එම ඉදිකිරීම නිසා සිංහල බෞද්ධයන් පිරිසක් මෙන්ම ඇතැම් රණවිරුවන් ද සතුටු වනු ඇති බවද කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර සිටියහ.
$ads={2}