තිස්ස කුට්ටිආරච්චි කියන්නේ අංගොඩන් පැනපු පිස්සෙක්... සජිත් ගෙ රහස් රැසක් මං සතුයි ..

තිස්ස කුට්ටිආරච්චි  පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා  පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවක් සමග ඔහු අංගොඩින්   පැන ආ  පිස්සෙක්  බවට තහවුරු  වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශක ධනවර්ධන ගුරුගේ මහතා පවසනවා .තිස්ස කුට්ටිආරච්චි වැනි පුද්ගලයන්ට  පාර්ලිමේන්තුවේ  කතා කිරීමට අවස්ථාව දෙන  උදවිය ද  පිස්සන් බව යි  ගුරුගේ මහතා වැඩිදුරටත් සඳහන්   කරන්නේ.

එමෙන්ම   රණසිංහ ප්‍රේමදාස මහතාගේ මෙන්ම  සජිත් ප්‍රේමදාස මහතාගේ ද  දේශපාලන රහස්  රැසක්  තමන් සතු බව  ධනවර්ධන ගුරුගේ මහතා පවසනවා .

මේ අතර  ධනවර්ධන ගුරුගේ මහතා පවසන්නේ  රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර රහස් දේශපාලන ගනුදෙනු රැසක් පවතින බවයි .

එහි ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂය  විනාශ කර දැමූ බව ද  ධනවර්ධන ගුරුගේ මහතා වැඩිදුරටත් හෙළිදරව් කරනවා .

$ads={2}



Post a Comment (0)
Previous Post Next Post