පොහොට්ටුවේ නායකයන්ගේ පස්සට පයින් ගහන්න ආවොත් අපි කන පැළෙන්න ගහනවා


සමහර දේශපාලනඥයෝ අපි දැක්කා පොහොට්ටුවේ සමහර නායකයන්ට තරයේ ප්‍රකාශ කරනවා පස්ස පැත්තට පයින් ගහන්න උනත් සූදානම් කියලා. අපි අභියෝග කරනවා පොහොට්ටුවේ නායකයන්ගේ පස්ස පැත්තට පයින් ගහන්න ආවොතින් කන පැළෙන්න ගහන්න වුණත් අපි පසු පෙළ මන්ත්‍රීවරුන් විදිහට සූදානමින් ඉන්නවා යැයි බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි පැවැසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහියක නියෝජිතයන් පසුගිය දිනවල ස්ථාන කිහිපයකදී පළ කළ අදහස්වලට පිළිතුරු දෙමින් ඌව පරණගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුවේ තනතුරුවල ඉන්න ගමන් ආණ්ඩුව විවේචනය කරනවාට වඩා හොඳයිනේ කොන්දක් තියාගෙන ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වෙලා කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න. ආණ්ඩුවෙන් කන ගමන් ආණ්ඩුවට පහරණ වැඩක්නේ මේ කරන්නේ. මේ සියල්ලම පෞද්ගලික න්‍යාය පත්‍ර, යැයිද හෙතෙම පැවසීය. රටේ ජනතාව තවත් විමල් වීරවංශලාට උදයගම්මන්පිලලාට අන්දවන්න පුළුවන් කමක් නැහැ. රටේ ජනතාව දන්නවා මේ අය හැරෙන කොට මොකටද කියලා.

ප්‍රේමලාල් රත්නායක - වැලිමඩ

Post a Comment (0)
Previous Post Next Post