අද දවසේ ලග්න පලාපල - 2021 නොවැම්බර් මස 23 වන අඟහරුවාදා


මේෂ - නව ආදායම්

නව ආදායම් මාර්ග පිළිබඳ අදහස් ඇති වේ. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමේ අපහසුතා පැන නගී. රෙදිපිළි සම්බන්ධ වෙනස්කම් සිදු වේ. සතුරු කරදර වැඩි වේ. මිත්‍රයකුගේ හෝ අමුත්තකුගේ හමුවීමක් පෙන්වයි.

කටක - සිත් තැවුල්

සිත් තැවුල් ඇති වේ. වියදම් පක්ෂය ඉහළ යයි. නොතේරුම්කමින් පාඩු සිදුකර ගනී. කල්පනාකාරී විය යුතුයි. ඥාතීන් සමග ගනුදෙනු කිරීමේ දී ගැටලු මතු විය හැක. කරගෙන යන වැඩකටයුතු ප්‍රමාද වේ.

තුලා - මුදල් අගහිඟතා

සිතේ කනගාටුවක් ඇති වේ. රැකියා ස්ථානයේ උසස් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ල වේ. මුදල් සම්බන්ධ අගහිඟතා මතු කරයි. ඇඳුම් පැලඳුම්වලට හානි පැමිණේ. ගෙදරින් පිට වාසය කිරීමට සිදු වේ. ආමාශයේ ආබාධ හට ගනී.

$ads={2}

මකර - මිශ්‍රපලදායකයි

මිශ්‍රපල ගෙනෙන දිනයකි. සතුරු කරදර දුරු වේ. අධ්‍යාපන කටයුතුවලට ඇති උනන්දුව වැඩි වේ. කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලැබේ. මහන්සි වී යම් වැඩක් කිරීමට සිදු වේ. ශරීර සනීපය ඇති වේ.

වෘෂභ - සතුරු පීඩා

මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. ගෞරවයට හානි වන ආකාරයේ කටයුතු සිදු වේ. සොර සතුරු පීඩා පැන නගී. කරගෙන ආ කටයුතුවල ප්‍රමාදතා සිදු වේ. ධෛර්යයෙන් වැඩකටයුතු කළ යුතුයි.

සිංහ - ආදායම් සරුවේ

ලාභදායකයි. නොයෙක් ආකාරයේ ලැබීම් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාරවල නිරත අයට වාසිදායකයි. ගොවිතැන් කටයුතුවලින් ද ආදායම් සරු වේ. ස්ත්‍රී පක්ෂය සමග හිතවත්කම් ඇති වේ. සමාජයේ ගෞරවයට ලක් වේ.

වෘශ්චික - උදාසීන ගති

හදිසි මුදල් වියදම් පෙන්වයි. ශුභ වැඩ ආරම්භයට සුදුසු නොවේ. අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බයක් ඇති වේ. සිතේ උදාසීන ගති ඇති කරයි. කරගෙන යන කටයුතුවලට බාධා පැමිණේ.

කුම්භ - ආදරයට බාධා

ආදර සම්බන්ධතාවලට වැඩිහිටි විරෝධය එල්ල වේ. කරගෙන යන කටයුතුවලට කරදර මතු වේ. වියදම් පක්ෂය ඉහළ යයි. විනෝද ක්‍රීඩාවල නිරත වේ. එහෙත් සිතේ සතුටක් ඇති නොවේ. බලාපොරොත්තු ඉටුවීම කල් යයි.

මිථුන

යහපත් දිනයකි. දියුණුවක් ලැබේ. සිතේ තිබූ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කර ගනී. ඉගෙනීම් කටයුතුවලින් ජයග්‍රහණ ලබයි. විදෙස් අධ්‍යාපන කටයුතුවලට ඇති බලාපොරොත්තු ඉටුවේ.

කන්‍යා - ඥාතීන්ගෙන් උදව්

බලාපොරොත්තු ඉටු වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතුවලින් ද සාර්ථකත්වයක් ලබයි. තම තත්ත්වය උසස් වේ. . මවගේ පාර්ශ්වයේ ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වේ.

ධනු - ව්‍යාපාරවලින් වාසි

ආදායම් තත්ත්වය සරුයි. රැකියා කටයුතුවල දියුණුවක් පෙන්වයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නිරත අයට වාසිදායකයි. පතල් කර්මාන්තයේ යෙදෙන්නන්ට වටිනා මැණික් හමුවිය හැක. විනෝදයට බර වේ.

මීන - අනවශ්‍ය වියදම්

අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරයි. කරගෙන යන කටයුතුවලට හානියක් ඇති වේ. නැතහොත් වැඩකටයුතු කල්දැමීමට සිදු වේ. ඥාති මිත්‍රාදීන් සමග අවුල් වියවුල් ඇති කර ගනී. ඉක්මන් කෝපය පාලනය කර ගන්න.

Post a Comment (0)
Previous Post Next Post