මිල ඉහල යතැයි දුම්වැටි තොග සගවයි.. - එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…


දුම්වැටි මිල ඉහල යන බවට තොරතුරු ලැබිමත් සමග ප්‍රධාන නගර වල දුම්වැටි හිගයක් පවති.

දුම්වැටි අලෙවි කරන එජන්සිය මගින් වෙනත් දින වලට වඩා වෙලදසැල් හිමියන්ගේ ඉල්ලිම පරිදි දුම්වැටි තොග නිකුත් කර තිබියදි වෙලදසැල් හිමියන් විසින් දුම්වැටි සගවා ඇති බව පාරිභෝගිකයන් කියා සිටියි.

දුම්වැටි අලෙවි කරන එජන්සියෙන් කරන ලද විමසුමකදි එහි නිලධාරියෙකු කියා සිටියේ වෙනත් දිනවලට සාපෙක්ෂව වෙලදුන්ගෙන් දුම්වැටි මිල දි ගැනිම සදහා විශාල ඉල්ලුමක් පැවති බවත්, එම ඉල්ලුම අනුව වෙලදුන්ට දුම්වැටි තොග අලෙවි කල බවයි.

අලුත්ගම නගරයේ තිබෙන ප්‍රසිද්ධ සමාගමකට අයත් දුම්වැටි අලෙවි කිරීමේ කවුළුවෙන් දුම්වැටි මිල දී ගන්නට සුළු ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ට පැය කීපයක් තිස්සේ පෝලිමේ සිටින්නට සිදුව තිබෙන බව ඔවුහු කියති.

මේ ආකාරයෙන් බොහෝ වේලාවක් පෝලිමේ සිටි පුද්ගලයන් එළිමහනට නොපෙනෙන ආකාරයෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙක් එම දොර වසා දැමීමක් ද සිදු කළහ .

එහිදී පැය ගානක් පෝලිමේ සිටියත් එක් අයෙකුට ලබා දෙන්නේ දුම්වැටි 20ක් අඩංගු එක් පැකට්ටුවක් බව කියමින් ඔවුහු චෝදනා කළහ.

දුම්වැටි මිලදී ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් අතර කාන්තාවන් ද සිටීම විශේෂත්වයක් වූ බවත් ඔවුන් පැමිණ සිටින්නේ තමන්ගෙ ජීවනෝපාය වෙනුවෙන් පවත්වාගෙන යන හෝටල්, ආපන ශාලා, සිල්ලර කඩ වැනි ව්‍යාපාර වලට පැමිණෙන පාරිභෝගිකයන් ඉල්ලන දුම්වැටි අලෙවි කිරීමට දුම්වැටි තොග ලබා ගැනීමට බවත් දුම්වැටි නොමැතිනම් වෙනත් භාණ්ඩ සහ ආහාර පාන අලෙවි කිරීමටත් ගැටළුවක් වී ඇති බවත් ඔවුන් ප්‍රකාශ කළහ.

-cnews

Post a Comment (0)
Previous Post Next Post