ලෝක ඉතිහාසයේ පළමු වරට බබෙක්ට නමක් දාන්න චන්දයක් තියන්න යන සාරංග හා දිනක්ෂි..!


තාරුණ්‍යයේ හැඩකාර වැඩකාර රංගන ශිල්පියෙක්. වෘත්තියෙන් නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම විටෙක ගායකයෙක්. අද අපේ සොදුරු කතා බහ සොදුරු හදවතක් සමඟ. නමින් ඔහු සාරංග දිසාසේකර. සාරංග මුලින්ම කලාව සම්බන්ධ වෙන්නේ? “මම කැමරාවක් ඉස්සරහට මුලින්ම එන්නේ වයස අවුරුදු දහයේදි. පස්සේ පුර්ණ විදිහට කලාවට එකතු වෙන්න බැරි වුනා. අම්මා එක්ක ගුවක් විදුලි වැඩසටහන් වගේ ඒවාට සම්බන්ධ වෙනවා. හැබැයි උසස් පෙළ ඉවර වෙනකන් මම රංගනයට එකතු වෙන්නේ නෑ. පස්සේ ⁣ටික ටික රංගනයට එකතු ⁣වුනා.”

සාරංග දිසාසේකර නළුවෙක්, ගායකයෙක්, නිරූපණ ශිල්පියකුවේ. සුමති සම්මාන, රයිගම් ටෙලීස් සහ ස්ලිම් නීල්සන් පීපල්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නළුවාට හිමි සම්මානයෙන් කීපවරක්ම පිදුම් ලැබීය ගායක නාරද දිසසේකර සහ ගුවන්විදුලි සත්කාරක සහ නිළි තිලකා රණසිංහ යන දෙදෙනාට 1983 ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවේ කළුබොවිල ප්‍රදේශයේදී උපත ලැබීය. ඔහු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පාසල් ජීවිතය සම්පූර්ණ කළේය.

විටෙක රංගන ශිල්පිනියක්, තවත් විටෙක නිවේදිකාවක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තු ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඇය විවාහ වෙලා ඉන්නෙ රිදී තිරයේ හැඩකාරයෙකු වන සාරංග දිසාසේකර සමඟයි. ඉතින් මේ දෙන්නා දැන් තුන්දෙනෙක් වෙලා ඉන්නේ. ඒ ආදරණිය පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කර ගනිමින්.

ඉතින් කවුරු කොහොම මොන කතා කිව්වත් සාරංග වගේම දිනක්ෂිත් ඒවා ගණන් ගන්නේ නැතුව තම තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට ඇනුම්පද කියන අය‍ට සාරංග වගේම දිනක්ෂිත් කමෙන්ට් එකකින් උත්තර දෙන්නත් අමතක කරන්නේ නම් නැහැ.

$ads={2}

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා පවුල් දෙකකින් රංගන ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට ජනප්‍රිය තලයක සිටින තරු යුවළක්. පසුගිය අගෝස්තු මාසයේ මේ දෙපළ විවාහ වුණා.

කාන්තාවකට මේ ලෝකයේ ලබාගන්න පුලුවන් උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ. කාන්තාවගේ ජීවිතය සම්පූර්ණ වෙන්නේ ඇගේ කුසින් මෙලොවට දරුවෙකුට බිහිකිරීමෙන් අනතුරුවයි. ඇත්තෙන්ම ඕනෑම විවාහක යුවළකගේ කැදැල්ල සුන්දර කරන්නේ කැදැල්ලට කිරි සිනහවත් රැගෙන පුංචි පැටියෙකු එක්වීමත් සමගිනුයි. පුංචි පැටියෙක් ඉන්න ගෙදර සතුට ආදරය පිරි ඉතිරි යනවා කියන කතාව බොරුවක් නොවෙයි.

ඉතින් මෑතකදී උතුම් මව්පදවිය ලබපු මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි කියල කියන්නේ. කොහොම නමුත් මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සාරංග සමගින් විවාහවන ඇය මීට දින ගණනාවකට පෙරදී උතුම් මව්පදවිය ලබා ගත්තා.

ඉතින් මේ යුවළගේ පුංචි කැදැල්ලට කිරි සිනහා අරගෙන ආවේ සිගිති දියණියක් වන අතර ඔවුන්ගේ කැදැල්ලේ තිබුණු සතුට දෙගුණ තෙගුණ වුනා.

ඉතින් සාරංග පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් හරි අපුරු කතාවක් කියලා තිබුනා. එම වැඩසටහනේදී සාරංගගෙන් දියණියගේ නම ඇහුවා. එතකොට සාරංග කිව්වේ තවම නමක් දමා නැති බවත් නම් ගොඩක් මේ වෙන විට හැම පාර්ශවයකින්ම ඉදිරිපත් වී ඇති බවයි. ආච්චි අම්මලාගෙන්, සීයාගෙන්, පුන්චිලාගෙන් , අම්මගෙන්, තාත්තාගෙන් නම් යෝජනා ගොඩක් ලැබී ඇති බව පවසනවා. පොඩි ජන්දයක් තබා බහුතරයකගේ කැමැත්ත අනුව නම තබන බවද සාරංග පවසනවා.

Post a Comment (0)
Previous Post Next Post