විදුලිබල සේවකයන් ‘අද දහවල්’ කොළඹට – විදුලිය බිඳ වැටුණොත් ජලයටත් බලපෑම් !


තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් අද (03) දහවල් 12.00ට විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස බල කරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා.

විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති වරාය ඉදිරිපිටත් කෙළොන්නාවේ තෙල් ටැංකි ඉදිරිපිටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටත් උද්ඝෝෂණ පවත්වන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ විදුලිබල මණ්ඩලයේ මුලස්ථානයට රැස්වන බවයි.

බලාගාරවල සහ බිඳවැටුම් සේවකයෝ රාජකාරියේ නිරතවන බවද ඔහු සඳහන් කළා.

මේ අතර කිසියම් ආකාරයක විදුලි බිඳවැටීමක් සිදුවුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බවයි ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය සඳහන් කරන්නේ.

ජල සම්පාදන මණ්ඩලයේ සියලු පොම්පාගාර හා ජලපවිත්‍රාගාර ක්‍රියාත්මක වන්නේ විදුලි සැපයුමෙන් බවත් විකල්ප ක්‍රමයක් ජල සම්පාදන මණ්ඩලයට නොමැති බවත් එම සංගමය පෙන්වා දෙනවා.

Post a Comment (0)
Previous Post Next Post