කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කිරීම සඳහා නීතිපති උපදෙස් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
ඒ අනුව කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබෙනවා.
එම නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.