හුස්ම ගැනීමේ අපහසුතාවක් මත දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වූ විසිදෙහැවිරිදි ගර්භණී මාතාවක් පෙරේදා (9) උදෑසන හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
මරණයට හේතුව කොරෝනා ආසාදනය වීම බව තිස්සමහාරාම මහජන සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිය ප්‍රභාත් ලියනගේ සඳහන් කරයි.
ඇය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ගත් ඇන්ටිජන් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති අතර මව මියගිය පසු ගත් පීසීආර් පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. එම නිසා මෙම මරණය කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
8 වැනිදා අලුයම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සෙම්ප්‍රතිෂ්‍යාව සමග දැඩි ලෙස හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් වාට්ටුව වෙත ඇතුළත් කර ඇත. එදින උදෑසන ගිලන් රථයක් මගින් දෙබරවැව මූලික රෝහලේ සිට හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.ඒ වන විට ඇයගේ කුස තුළ සිටි සති දහ නවයක් වූ කලලය මියගොස් දියවී යෑමට පටන්ගෙන තිබූ බවත් පසුව මව දැඩි සත්කාර ඒකකයේ දිගටම ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවද වාර්තා වේ.
$ads={2}
තිස්සමහාරාම මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි මෙම කාන්තාව එක් දරු මවක් වන අතර නිවසේ මව ඇසුරු කළ අයට ස්වයං නිරෝධායනය වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබාදීමට කටයුතු කර ඇත.
රෝහලට ඇතුළත් කරන ලද අවස්ථාවේ ගත් පරීක්ෂණ වාර්තාවෙන් කොරෝනා ආසාදිත බවට තහවුරු නොවීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා සම්බන්ධ වූවන්ට යම් අවදානමක් ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.