එක රැයින් ජනප්‍රියවුණු ගායිකාවකට දුන්න විනාඩි 30 ජනපතිට ඇයි අපිට දෙන්න බැරි


වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ඉල්ලා ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 10ක් ගතව ඇතත් ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා මේ දක්වා කිසිදු සාකච්ඡාවක් නොදීම ගැන කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසනවා.

කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා සදහා වෙන්කර ඇති භූමියේයි ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මෙම අඛන්ඩ උපවාසයේ නිරත වන්නේ.

එම සංගමයේ නියෝජ්‍ය ලේකම් ඉන්දික පරණවිතාන මහතා  කියා සිටියේ වැටුප් විෂමතා ගැටලුවට ස්ථිර විසදුමක් ලැබෙනතෙක් සමස්ත ගුරු විදුහල්පති පරපුර වෙනුවෙන් තම අඛණ්ඩ උපවාසය සහ අරගලය ඉදිරියටත් පවත්වාගෙනයන බවයි.


Post a Comment (0)
Previous Post Next Post