විශිෂ්ට සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකරයන් දිවියෙන් සමුගනී!


මෙරට සංගීත ක්ෂේත්‍රයට පුරා දශක හතරක් විශිෂ්ට සේවයක් කළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු මෙන්ම වෙ‍ළඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු වූ ලක්ෂමන් විජේසේකර මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව දැනුම් දී සිටිමු. මිය යන විට ඔහු 73වන වියෙහි පසුවිය.

ලක්ෂ්මන් විජේසේකරයන් කලෙක සිට අසනීප තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර කරමින් සිටියේය.

ලක්මන් විජේසේකරයන් ගැයූ දැල්වූ පහන්, ඇති දේ ඇති සැටියෙන්, ඔබ මට තරුවකි, දෑත දෙපා ලන ගිගිරි සරින්, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ, බාල ළමා වරුනේ, සිනා පිපෙනා මේ වසන්තේ වැනි ගීත සහෘද හදවත් තුළ දැඩිව තැන්පත් වී තිබුණේය. එසේම, විලම්බීත (ටී.බී. ඉලංගරත්න), දඟයන්ට පමණයි (ළමා), ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවල ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේය.

$ads={2}

සංගීතවේදී ලක්ෂමන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා හෙට (13) දින ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කෙරේ.

Post a Comment (0)
Previous Post Next Post