
කෘෂි ඇමැති නියරක යන්න දන්නේ නැහැ
යම් යම් රාජ්‍ය ඇමැතිවරු මට මඩ ගහනවා
ගොවියා ගැන ආණ්ඩුව සමග කොතරම් කතා කළද ආණ්ඩුව තමන්ට ඇහුම්කන් නොදෙන බව හිටපු ජනාාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (31 වැනිදා) පැවැසුවේය.
කෘෂිකර්ම ඇමැතිවරයා නියරක යන්න දන්න කෙනෙක් නෙමෙයි යැයිද කී හිටපු ජනාධිපතිවරයා තමන් කීප වතාවක් කෘෂිකර්ම ඇමැතිවරයා සමග ගොවියාගේ පොහොර ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළ නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැතැයිද කීවේය.
බකමූණ නගර මධ්‍යයේ ගොවීන් විසින් සිදුකරන අඛණ්ඩ උපවාස අවස්ථාවට එක්ව ගොවීන් සමග සංවාදයේ යෙදෙමින් ඔහු මේ බව කීවේය.
යම් යම් රාජ්‍ය ඇමැතිවරුන් මට මඩ ප්‍රහාර ගහනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොලොන්නරුවට යන්න විදිහක් නෑ කියලා. ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරු මට මඩ ප්‍රහාර ගහන්නේ. ඒවා මම ගණන් ගන්නේ නැතැයිද මෛත්‍රීපාල සිරිසේන ගොවීන් සමග සංවාදයට එක්වෙමින් සඳහන් කළේය.
තමන් නැවත බලයට පත්වුවහොත් ගොවීන් අමාරුවේ නොදමන බව කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන ක්‍රමානුකූල සක් කිරීමට ගොවියා හුරු කරවන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.