ගෝලීය වසංගතයක් මතුව පැවතියදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර ඉදිරිපත් කරනු ලැබුවේ රොබින්හුඩ් පන්නයේ අයවැයක් බව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ බොහෝ දෙනා මෙවර අයවැයෙන් ජනතාව තවත් පීඩාවට පත්වනු ඇති බව සිතා සිටියද මුදල් අමාත්‍යවරයා පීඩිත ජනතාවට සහන ලබා දීමට පියවර ගෙන ඇති බවකි.
$ads={2}
එමෙන්ම ධනවතුන්ගෙන් මුදල් ගෙන දුප්පතුන්ට සහන ලබා දෙන අයවැයක් ඉතිහාසයේ පළමුවරට ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එම නිසා මෙවර අයවැය රොබින්හුඩ් පන්නයේ අයවැයක් ලෙස හැදින්විය හැකි බව කී මන්ත්‍රීවරයා ඒ වෙුනවෙන් බැසිල් රාජපක්ෂ මහතා හට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ උත්තමාචාරය හිමි වන බවද කීය.