දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අඩුවීම පිළිබඳ මාධ්‍යවලින් ප්‍රචාරය වීමත් සමග තමන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව පවසමින් ඊයේ (28 වැනිදා) උදෑසන එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයෝ පිරිසක් ගොවීන්ට සහ මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල කළහ.
පසුගිය සතියට සාපේක්ෂව විශාල වශයෙන් එළවළු තොග මිල අඩුවීම සහ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගෙ අඩුවීම පිළිබඳ මාධ්‍යවේදීන් ඊයේ උදෑසන ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් පිළිබඳ විමසමින් සිටියදී සංවිධානාත්මකව පැමිණි පිරිසක් ගොවීන්ට සහ එළවළු රැගෙන එන පිරිසට දැඩි ලෙස චෝදනා කරමින් මේ බව පැවසූහ.
එළවළු වල මිල අඩු වී තිබුණද ප්‍රවාහනය සහ එළවළු නරක් වීම නිසා තමන්ට විශාල පාඩුවක් සිදුවන බව ඔවුහු කීවෝය. එක්වරම ජනමාධ්‍ය මගින් එළවළු මිල අඩු වූ පුවත ප්‍රචාරය වීමත් සමග පාරිභෝගිකයා තමන්ට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් වෙළෙඳාම් කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දෝ කෑගසමින් පැවැසූහ.
නුවරඑළිය ප්‍රදේශයේ ගොවීන් එහිදී කියා සිටියේ පහුගිය කාලයේ එළවළු මිල සීඝ්රයෙන් ඉහළ ගියද, මේ වන විට තමන් රැගෙන ආ එළවළු අලෙවි කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවයි. එළවළු මිල අඩුවී ඇති එවන් අවස්ථාවක එළවළු මිල රටට හෙළි කොට හෝ ඒවා අලෙවි කර ගැනීම තම අරමුණ බව ගොවීහු සඳහන් කළහ. කෙසේ වෙතත් එළවළු මිලදී ගැනීමට පැමිණ සිටි ඇතැම් පිරිස් වම්බටු කිලෝ ග්‍රෑම් දෙකක පමණ බෑගයක් පෙන්වමින් තමන් තොග වෙළෙන්දෝ බව හුවා දැක්වූ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු කිලෝ ග්‍රෑම් පහකට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේදී තොග මිල සඳහන් වීමද විශේෂත්වයකි. සංවිධානාත්මකව පැමිණි අදාළ කණ්ඩායමේ සිටි වෙළෙන්දෙක් බිල් කිහිපයක් ඉදිරිපත් කරමින් වම්බටු කිලෝ ග්‍රෑමයක් තමන් රුපියල් තුන්සීයකට මිලදී ගත් බව පෙන්වමින් බෑගයක තිබූ වම්බටු ප්‍රමාණයක් පෙන්වා මිල අඩුවූ පුවත ප්‍රචාරය නොකරන්නැයි බලපෑම් කළේය.
$ads={2}
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය මගින් දිනපතා නිකුත් කරන එළවළු තොග මිල දර්ශනය ද පිළිගත නොහැකි බවත් එය නිකුත් නොකළ යුතු බවත් පවසමින් තවත් පිරිසක් ඝෝෂා කළහ.
පසුව එම පිරිස ගොවීන්ට සහ මාධ්‍යවේදීන්ට බැන වදිමින් එම ස්ථානයෙන් පිටව ගියේ සිය අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වීම හේතුවෙනි. ඊයේ (28 වැනිදා) ද පෙර සතියට සාපේක්ෂව එළවළු මිල අඩු අගයක පැවැතිණි. ඉකුත් සතියේ 22 වැනිදාට සාපේක්ෂව ඊයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පැවැතියේ මෙලෙසිනි.