මේෂ - මුදල් ලැබීම්
වියදම් වැඩි වුව ද මුදල් ලාභ උරුමයි. දේපළ ලාභ හිමි වේ. රැකියා කටයුතු යහපත් ආකාරයට සිදු වේ. ආගම දහම කෙරේ සිත ඇදී යයි. සතුරු කරදර ඇති විය හැක. ඥාතීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න.
කටක - සෞඛ්‍ය ගැටලු
මිල මුදල් ලැබුණ ද වියදම් පාලනය කිරීම අසීරුයි. නිෂ්ඵල ගමන් යෙදේ. උසස් අයගේ උදව් උපකාර හිමි වේ. රජයෙන් විශේෂ වරප්‍රසාද හිමි වීමේ ඉඩකඩ පවතී. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ.
තුලා - හදිසි අනතුරු
අනවශ්‍ය ලෙස මුදල් වියදම් වේ. රැකියා ස්ථානයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් පැන නැගිය හැක. නැදෑ හිතවතුන් නිසා සිත් වේදනා ඇති වේ. හදිසි අනතුරුවලට ලක් විය හැක.
$ads={2}
මකර - මානසික පීඩා
ආදායම් මාර්ගවලට යහපත් නොවේ. සිත් සතුටට කරුණු යෙදුණ ද ඇතැම් අවස්ථාවල මානසික පීඩා ගෙන දිය හැක. නඩුහබවලට පැටළීමේ ඉඩ පවතී. රැකියාවේ ද ප්‍රශ්න නැතුවා නොවේ. උණ රෝග ඇති වේ.
වෘෂභ - නිෂ්ඵල ගමන්
නිෂ්ඵල ගමන්බිමන්වල නිරත වේ. ඒ හේතුවෙන් වියදම් පක්ෂය ඉහළ යයි. රජයට සම්බන්ධ වැඩවල නිරත අයට යහපත් ප්‍රතිඵල හිමි වේ. කේලාම් ඕපාදූපවලට හසුවිය හැකි බැවින් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතුය.
සිංහ - පිනට යොමු වේ
ධනයට හානි සිදුවිය හැක. හොඳ නාමය පළුදු වීමේ ඉඩ පවතී. ලිපි ලේඛන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් ලබයි. එදිනෙදා කටයුතු කරගෙන යාමේ දී කම්මැළි ගති ඉස්මතු කරයි. පුණ්‍ය කටයුතුවල නියැළේ.
වෘශ්චික - ලේඛන කටයුතුවලින් ලාභ
විවිධ අංශයන්ට යොමු වීමෙන් ආදායම් ලබා ගනී. රැකියා ස්ථානයේ උසස් නිලධාරීන්ගේ අවධානය දිනා ගනී. කතාවේ බලයෙන් වැඩකටයුතු සිදු කර ගනී. ලේඛන සම්බන්ධ රැකියාවල නිරත වූවන්ට ඉතා යහපත් දිනයකි.
කුම්භ - මතභේද
වියදම් අධික වන දිනයකි. රැකීරක්ෂා කටයුතුවල දී තනතුරු ආදියට කරදර ඇති වේ. පිය පාර්ශ්වයට යහපත්ය. අසල්වැසියන් සමග මතභේදවලට පැටළිය හැක.
මිථුන
ආදායම් තත්ත්වය යහපත් මට්ටමක පවතී. අනුමානයට කරන කටයුතුවලින් පාඩු සිදුවිය හැක. සතුරු කරදර ඉස්මතු වේ. වැඩිමහල් සහෝදරයන් සමග ඇති සබඳතා දැඩි වේ. මවුපියන්ට යහපත් නොවේ.
කන්‍යා - තනතුරු ලාභ
බලාපොරොත්තු ඉෂ්ට වේ. උසස් තනතුරු ලාභ උරුමයි. ව්‍යාපාර කටයුතුවලින් සාර්ථකත්වයක් ලබයි. අතරමග නැවතුණු වැඩ යළි ක්‍රියාත්මක කරයි. විදෙස් අධ්‍යාපනයට ඉල්ලුම් කිරීමට යහපත්ය.
ධනු - ගරු සැලකිලි
නව ආදායම් මාර්ග උදා කර ගනී. ගරු සැලකිලි ලැබේ. දියුණුවට කටයුතු යෙදේ. උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. කතාවේ බලය පෙන්වයි.
මීන - විභාග ජය
ශුභපල උදා කරයි. මුදල් ලැබීම අතින් යහපත්. විනෝදයෙන් කාලය ගෙවයි. අධ්‍යාපන කටයුතුවලට ශුභයි. තරග විභාගවලින් ජයග්‍රහණ ලබා ගනී. වෙළෙඳාම් කටයුතු දියුණු වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.