අද දවසේ ලග්න පලාපල - 2021 දෙසැම්බර් මස 28 වන අඟහරුවාදා

මේෂ

ශුභවාදී ඵලදෙයි. කි‍්‍රයාශීලී දිනකි. කෙටි ගමන් බිමන් බහුලව යෙදේ. සතුරන් දමනය වෙයි. මහජන ප‍්‍රසාදයට පත්වෙයි. විනෝදාත්මක කි‍්‍රයාවන්වල ද යෙදේ. තම ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප‍්‍රදාහ රෝග මතුකරයි.

වෘෂභ

කි‍්‍රයාකාරී දිනකි. ප‍්‍රබෝධමත්ව රාජකාරිවල යෙදේ. ප‍්‍රීති සාද වැනි දේ යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. නමුත් ඇසුර ප‍්‍රවේශමෙන් නොකළ වැරදිවලට හේතු ඇති වෙයි. චෝදනා එල්ල වෙයි. සිරසගත රෝග සාදයි.

$ads={2}

මිථුන

ශුභාශුභ ඵලදෙයි. ලිපි ලේඛනවලින් ජයගෙන දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන් ඇසුරට පත්වෙයි. තම ආර්ථිකයේ පසුබෑමකට හේතුයි. තරමක් සිත් චංචල කරවයි. සෙම්කෝප රෝග ද මතුවේ.

කටක

අවිවේකී දිනකි. සුහදතා වර්ධන කි‍්‍රයා ඇති වෙයි. තම මතවාද කි‍්‍රයා කිරීමට යෑමෙන් අනවශ්‍ය ගැටුම් පැනනඟී. තම ඥාතීන් සමඟ දුරස්ථ වීමට හේතුයි. හදිසි ධනලාභ ලැබීම්වලට හේතුයි. ස්නායුගත රෝගවලට ද හේතුයි.

සිංහ

ගමන් බිමන් බහුල වෙයි. අවිවේකී බව මතු කරයි. නිශ්ඵල වැඩ ඇති වෙයි. විදෙස් ගමන් වැනි දේ් සඳහා මූලික කි‍්‍රයාවන්වලට යොමු වෙයි. පේ‍්‍රම සබඳතා ප‍්‍රබල වෙයි. අමතර ලාභ ලබයි. ආමාශගත රෝග මතුවේ.

කන්‍යා

ප‍්‍රබෝධමත්ව දවස කි‍්‍රයාකරයි. තම අරමුණු ජයගනී. තුරග තරග ජයගනී. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි දුබල වෙයි. ජනතා ප‍්‍රසාදයට පත්වෙයි. බලාපොරොත්තු රහිතව වැයපස ද ඉහළ යයි. සෙම් බහුල රෝග මතු කරයි.

තුලා

කි‍්‍රයාශීලී දිනකි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් දැකිය හැකි අතර ඥාතීන් අතර ප‍්‍රධාන වෙයි. රාජකාරි ස්ථානවල සතුරු බලපෑම් ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. නහර වේදනා වාතාධික රෝග මතුවේ.

වෘශ්චික

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. රාජකාරි උනන්දුවෙන් ඉටුකරයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. ප‍්‍රීති සාද වැනි දේවලට සහභාගි වෙයි. අර්ශස් රෝග, බඩවැල් රෝගවලට හේතු ගෙනදෙයි.

ධනු

ශුභවාදී ඵලදෙයි. තරමක් සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. රැුකියාවන්හි ප‍්‍රබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවලද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි.

මකර

ශුභාශුභ ඵලදෙයි. තරමක් අලසව කි‍්‍රයා කරයි. තමන් ගැන කලකිරීම් මතුවෙයි. අතමිට තරමක් හිඟවෙයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර වැනිදේ ලබයි. වාතාධික රෝග පැනනැෙඟ්.

කුම්භ

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. රාජකාරිවල ප‍්‍රබෝධමත්ව යෙදේ. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ ද අවශ්‍යතාමත දවස කි‍්‍රයාකරයි. අමතර ලාභ ලැබේ. සෙම් ආසාදන රෝග මතුවේ.

මීන

ශුභවාදී ඵල මතුවෙයි. තම අරමුණු තරමක් ජයගනී. කලක් මනසට වධදුන් ප‍්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ ද ලබයි. උදරාබාධ බඩවැල් රෝග මතු වෙයි.

Post a Comment (0)
Previous Post Next Post