ක‍්‍රියාශීලී දිනකි. රාජකාරි බහුල වෙයි. අවිවේකී දිනකි. ගමන් බිමන් යෙදෙන අතර ප‍්‍රවේසමෙනි. සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදෙන අතර නවක මිතුදම් ඇතිවෙයි. ආමාශගත රෝග මතු කරයි.
වෘෂභ
ශුභාශුභ ඵල දෙයි. කලබලකාරීවීමෙන් කරන වැඩවලදී අප‍්‍රසාදයට පත්වන කරුණු යෙදේ. එබැවින් ඉවසීමෙන් ක‍්‍රියාකළ යුතුය. පොදු ක‍්‍රියාවන්වල සහ සමාජ සත්කාරවලද යෙදේ. සෙම් කෝප රෝග මතුකරයි.
මිථුන
ගමන් බිමන් අධික වෙයි. උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. පොදු සේවා කටයුතුවලද යෙදේ. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. සතුරන් දමනය වෙයි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. මෞත‍්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.
කටක
උනන්දුවෙන් ක‍්‍රියා කරයි. රාජකාරිවලදී කැපී පෙනෙයි. සම්මුඛ පරීක්‍ෂණවලින් ද ජය ලබන අතර තනතුරු ලාභ ලබයි. තම ආර්ථිකයේ වර්ධන ක‍්‍රියාවන්වලින් ශුභ ඵල දෙයි. හදිසි ලාභ දෙයි. සිරසගත රෝග ද මතු කරයි.
සිංහ
ශුභවාදී ඵල මතු කරයි. තම අරමුණු තරමක් ජය ගනී. ගමන් බිමන් බහුල දිනකි. පොදු සේවා සමාජ සත්කාර ක‍්‍රියාවන්හි යෙදේ. ජනප‍්‍රසාදයට හේතු කරුණු යෙදේ. තම ආර්ථික වර්ධන ක‍්‍රියාවන් යෙදේ. ආමාශගත රෝග, ආහාර විෂවීම්වලට හේතුයි.
කන්‍යා
ශුභාශුභ මිශ‍්‍ර ඵල මතු කරයි. ගමන්වලදී ප‍්‍රවේශම මැනවි. තම නිපැයුම් ඇරඹීමට ශුභයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදය දිනයි. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. හදිසි ධන වාසනා ලාභ ලබන දිනකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා රෝග මතුකරයි.
තුලා
ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. ප‍්‍රීති උත්සව යෙදේ. රාජකාරි බහුල දිනකි. සතුරු බලපෑම් එල්ලවෙයි. බුද්ධිය මෙහෙයවා ක‍්‍රියාකළ යුතු නව නිර්මාණ ඇරඹීමට ශුභයි. උසස් ඇසුරට පත්වෙයි. යටපත්ව තිබූ රෝග නැවත මතුකරයි.
වෘශ්චික
ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. රැුකියා ස්ථානවල සතුරු බලපෑම් මතුකරයි. ආවේගශීලී ගති ඉස්මතු කරයි. ඉවසීමෙන් තමනට ජය ලබාගත හැකි අතර අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ආහාර විෂවීම් මත අසාත්මිකතා රෝග හේතුයි.
ධනු
ශුභාශුභ මිශ‍්‍ර ඵල දෙයි. දහමට ලැදිව ක‍්‍රියාකරයි. තම ඥාති මිත‍්‍රාදීන් ද දහමට යොමු කරවයි. අලසකම මතු කරයි. නිවස තුළ වැඩි කලක් ගත කරයි. ආර්ථික පීඩා තරමක් මතුකරයි. ලේ දූෂිත රෝග, කැසිලි මතුවෙයි.
$ads={2}
මකර
ශුභාශුභ මිශ‍්‍රඵල උදාකරයි. නිවාස අලංකාර කටයුතුවල යෙදේ. තම ඥාතීන් සමඟ සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. ආගමික පුද පූජා කිරීම් වැනි දේවල්හි යෙදේ. පපුවේ අමාරු මතුවෙයි.
කුම්භ
ශුභාශුභ මිශ‍්‍ර ඵල උදාකරයි. නිවස තුළ දවස ගෙවයි. තම ඥාතීන්ගේ සුවදුක් මත පිහිටවීමේ ක‍්‍රියාවලද යෙදේ. දහමට ලැදිව ක‍්‍රියා කරයි. හදිසි ධන වාසනා දෙන දිනකි. සෙම් රෝග, කාය රෝග මතුවේ.
මීන
ශුභාශුභ ඵල දෙයි. නව නිපැයුම් නිර්මාණ වැනි දේ ඇරඹීමට හොඳයි. හුදෙකලා ගති මතුවෙයි. ආගමික පුද පූජා ගරු කරන අතර තම මිතුරන් ඒ සඳහා යොමු කරවයි. මූල රෝග, උදර රෝග මතුවෙයි.