මේෂ
කි‍්‍රයාකාරකම් බහුල වෙයි. රාජකාරි වලට අමතරව පොදු සේවා කටයුතු සමාජ සත්කාරක කි‍්‍රයා ආදියට යෙදේ. ව්‍යාපාරවල දියුණුවද පෙනේ. සතුරු බලපෑම් දමනය කෙරේ. හදිසි ලාභ දෙයි. සිරස ගත රෝග මතු කරයි.
වෘෂභ
ශුභාශුභ ඵලදෙයි. ස්වයං රැකියාවන්හි යෙදෙන්නන්ට ඉතා ශුභයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. තම ආර්ථික වර්ධනය පිණිස කි‍්‍රයාකරයි. දහමටද ලැදිව ක‍්‍රියාකාරකම් වල යෙදේ. සන්ධි ප‍්‍රදාහ රෝග මතු කරයි.
මිථුන
ප‍්‍රබෝධමත්ව රාජකාරි ක‍්‍රියාවන්හි යෙදේ. සම්මුඛ පරීක්‍ෂණ වලින් ජය ලබයි. රැකියාවේ තරමක වෙනසකට හේතුයි. මනසට වදදුන් ප‍්‍රශ්න නිරාකරණය වෙයි. හදිසි ධන වාසනා ලාභ ගෙනදෙයි. සෙම් කෝප රෝග මතු කරයි.
කටක
සුපුරුදු ක්‍රියාකාරකම් වල යෙදෙන අතර නොකළ වැරදි වලට චෝදනා එල්ල වෙයි. මනසට වදදෙන ප‍්‍රශ්න මතු කරයි. දුරදිග බලා ක්‍රියාකළ යුතු අතර සෘජු ගුණය වඩාත් පිහිටිය යුතුය. පපුවේ අමාරු, අමාශගත රෝග මතුකරයි.
සිංහ
ශුභාශුභ ඵලදෙයි. කෙටි ගමන් වල යෙදෙන අතර අවිවේකය මත තරමක් ආවේගශීලී ගති ඉස්මතු කරයි. ඉවසීමෙන් දවස ක්‍රියාකළ යුතුය. සතුරු බලපෑම් එල්ලවීමටද හේතුයි. සෙම් ආසාදන රෝග මතු කෙරේ.
කන්‍යා
ශුභාශුභ ඵලදෙයි. ක්‍රියාශීලී දිනකි. සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. තම රාජකාරි එදිනෙදා ක්‍රියාකාරකම් ආදියෙහි උනන්දුවෙන් යෙදෙන අතර තම ළඟම ඥාතීන් උදෙසා වැයපසද ඉහළ යයි. සිරසගත රෝග වලට හේතුයි.
තුලා
තරමක් රාජකාරි බහුල දිනකි. මනසට වදදෙන ප‍්‍රශ්නද මතු කරයි. වැයපසද ඉහළ යයි. කලකිරීම් මත දවස ගෙවයි. ව්‍යාපාරවල තරමක වර්ධනයට හේතු සාදයි. යටපත්ව තිබූ රෝග මතු වෙයි.
වෘශ්චික
ශුභාශුභ ඵල මතු කරයි. රාජකාරි වලදී කැපී පෙනෙයි. පරෝපකාරීව දවස ක්‍රියාකරයි. සමාජ සත්කාරක කි‍්‍රයාවන්හිද යෙදේ. සුළුවෙන් හෝ හදිසි ධන වාසනා ලාභ ලබයි. සෙම් ආසාදන රෝග මතු වෙයි.
ධනු
ශුභාශුභ ඵල දරයි. තම පවුලේ ඥාතීන් අතරද වාද විවාද මතුකරවන ප‍්‍රශ්න දෙන බැවින් බුද්ධිමත් වීම වැදගත්. රාජකාරිද බහුල වෙයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදෙන දිනකි. අතපයවේදනා වාතාධික රෝග මතු කරයි.
$ads={2}
මකර
ශුභාශුභ ඵලදෙයි. සතුරු බලපෑම් ඉස්මතු වෙයි. වාද විවාද වලට ශුභ නොවේ. ආර්ථික පීඩාද මතු කරයි. සිත් කලකිරීම් මතු කරයි. ළඟම මිතුරන් දුරස්ථවීමට ඉඩ තිබේ. බුද්ධිමත්වීම මැනවි. සෙම් බහුල රෝග මතු කරයි.
කුම්භ
තරමක් ශුභවාදී ඵලදෙයි. සුළුවෙන් හෝ තම අරමුණු ජයගන්නා අතර තම ඥාතීන්ගේ ප‍්‍රසාදයට ලක්වෙයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. රාජකාරි ප‍්‍රසාදයෙන් ඉටුකරයි. හදිසි ධනවාසනා එල්ල වේ. යටපත්ව තිබූ වාත රෝග මතුවීමට ඉඩතිබේ.
මීන
ශුභාශුභ ඵලදෙයි. රාජකාරි ස්ථානවල මතවාද මතු කරයි. ආවේගශීලී ගති ඉස්මතු වුවද ඉවසීමෙන් දවස ක්‍රියාකළ යුතුයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හිද යෙදෙන අතර හදිසි වාසනා ලබයි. බඩවැල් ආශ‍්‍රිත රෝගද මතු කරයි.