අද පැය භාගයක් විදුලිය නෑ - විදුලිය කැපෙන හැටි මෙන්න


අදත්(13) ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

$ads={2}

ඒ අනුව අද පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැය භාගය බැගින් විදුලිය විසන්ධි කරනු ඇති.

නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් විදුලි බල පද්ධතියට එක්කරන තෙක් එලෙස විදුලිය විසන්ධි කරන බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවා.

හෙට දිනයේදීත් මෙම විදුලි කප්පාදුව සිදු වනු ඇති.

මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 න් 2 ක් ක්‍රියා විරහිත වී තිබෙනවා.

Post a Comment (0)
Previous Post Next Post