ඉන්දියාවෙන් ආහාර, බෙහෙත්, ඉන්ධන පැකේජයක්.. ඉන්දියාවට උතුරේ දුපත් හා තෙල් ටැංකි..

ආහාර, බෙහෙත්, ඉන්ධන සහ ඩොලර් බිලියන 1.4 ක් අත මාරුවට ඉන්දියාවෙන් ලබා ගැනීමට සූදානමක් ඇති බවත් ඒ වෙනුවට තෙල් ටැංකි, උතුරේ ¥පත් ගැන සාකච්චා සිදුවන බවත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

‘අපේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරිමේ බලය තියනවා. නමුත් රට අර්බුදයක පවතින අවස්ථාවක සාමාන්‍යයෙන් මෙහෙම කරන්නේ නෑ. නිදහසෙන් පස්සේ අපේ රට අද තියෙන්නේ විශාල ආර්ථික ප‍්‍රශ්ණයක හා විශාල දේශපාලන අර්බුදයක. මේ වගේ අවස්ථාවක පාර්ලිමේන්තුව වහන එක නෙවේ පාර්ලිමේන්තුව වාර ගණන වැඩි කරන්නයි ඕනේ. වාර අවසාන කිරිම බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් එන සම්ප‍්‍රදායක්. 40, 45 අතර දෙවන ලෝක යුද්ධ කාලයේදි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට 40 වතාවක් බෝම්බ දැම්මා. නමුත් පාර්ලිමේන්තුව වැහුවේ නෑ. අසල තියෙන පල්ලියක පාර්ලිමේන්තුව පැවැත්වුවා. අර්බුදයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවත් අත්‍යාවශ්‍යයි. ආණ්ඩුවට රටේ ප‍්‍රශ්ණ වලට උත්තර නැති නිසයි අර්බුදයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුව වහලා දාලා තියෙන්නේ.

ඒ වගේම පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමෙන් පාර්ලිමේන්තුවේ කොමිටි සියල්ල අහෝසි වෙනවා. 3 ක් ඇරෙන්න. කෝප්, කොපා වැනි වැදගත් කොමිටි සම්පුර්ණයෙන්ම අහෝසි වෙනවා. 18 නැවත රැස් වෙලා මේ කොමිටි නැවත යථා තත්වයට පත් කරන්න ගියාම අපි, ආණ්ඩුවට පුළුවන් මේවා ප‍්‍රමාද කරන්න. මොකද 19 ව්‍යවස්ථාව යටතේ ගෙනාපු ආංශික අධික්‍ෂණ කාරක සභාව වත්මන් ජනාධිපති පත් වෙලා වසර 02 යි. පාර්ලිමෙන්තුව වසරකට වැඩියි නමුත් තවමත් මේ කාරක සභාව පත් කරලා නෑ. පක්‍ෂනායක හමුවේදි මම හැමදාම ඇහුවත් කථානායකතුමා උත්තරයක් දුන්නේ නෑ.

ඇයි ආණ්ඩුව මෙහෙම කලේ කියලා මම කියන්න ඕනේ. පොදු ව්‍යාපාර සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඒ කියන්නේ කෝප් හා කොපා හොඳට වැඩ කෙරුවා. උදාහරණයක් වශයෙන් සීනි වංචාව ගැන හෙලිදරව් උනාම රාජ්‍ය ගිණුම් කාරක සභාව භාණ්ඩාගාරයෙන් වාර්ථාවක් ඉල්ලූවා, භාණ්ඩාගාරයෙන් වාර්ථාව එව්වා. කෝටි 15,000ක පාඩුවක් සිදුවී තියෙනවා කියලා. පස්සේ සභාපතිතුමා වොහාරික වාර්ථාවක් ඉදිරිපත් කරන්න කිව්වා නමුත් මාස ගණනක් ගියත් රජය තාම ඉදිරිපත් කරලා නෑ.

චීනෙන් පොහොර නැවක් ආවා. ආවාට පොහොරත් නෑ සල්ලිත් නෑ. මේවා ගැන ප‍්‍රශ්ණ කරන්න කාරක සභාවක් නෑ. පාර්ලිමේන්තුවේ අහන්න පුළුවන් නමුත් හරි උත්තර ලැබෙන්නේ නැ. පසුගිය අයවැය කාලයේදි අපි වැදගත් ප‍්‍රශ්ණ ගණනාවක් යොමු කලත් ඒවාට ආණ්ඩුවෙන් උත්තර ලැබුනේ නෑ.

ලැබෙන ආරංචි අනුව ඉන්දියාව සමග සාකච්ඡ ආරම්භ කරලා තියෙනවා ආහාර, බෙහෙත්, ඉන්ධන සහ ඇමරිකාණු ඩොලර් බිලියන 1.4 ක් අත මාරුවට ලබාගන්න. මේවා ලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් අපේ රජය දෙන පොරොන්දු මොනවාද? තෙල් ටැංකි, උතුරුකරයේ ¥පත් ගැන කථා කරනවා කියලා අපිට ආරංචියි. මොකද කවුරුත් මුදල් නිකං දෙන්නේ නෑ.

වාර අවසාන කිරිම නිසා පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයේ තියන යෝජනා, ප‍්‍රශ්න 1500 ක් පමණ අහෝසි වෙනවා.

අද කැබැනට් මණ්ඩලයේ සාමුහික වගකීම තියනවාද? අද සාමුහික වගකිමක් නෑ. සමහර කැබිනට් ඇමතිවරු මේ ගනුදෙනුවලට විරුද්ධව දිවුරුම් ප‍්‍රකාශ දිලා තියෙනවා. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද? ආණ්ඩුව කොමිස් එක පිට පටවනවා පොහොර ප‍්‍රශ්ණය ඇති කෙරුවේ කොවිඞ් එකද? සෞභාගයේ දැක්මේ කිව්වේ අවුරුදු 10 කින් කාබනික පොහොර ගෙනවා කියලා.

මේගොල්ලේ අවුරුද්දෙන් කරන්න හැදුවා මේක. ප‍්‍රශ්ණය ඇති වුනේ එතන. කොවිඞ් නිසා නොවේ. ගෑස් ප‍්‍රශ්ණය කොවිඞ් නිසාද විදුලිය, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ ප‍්‍රශ්ණය මේවා උනේ කොවිඞ් නිසාද අද මිළ පාලනයක් නෑ.

මිළ පාලනය තමා ආණ්ඩුවට රටේ පාලනයක් තියෙනවාද නැද්ද කියලා බලන්න හොදම සාධකය. 70, 80 ගණන් වල එක සතයක් වැඩි කලේ නැ. මොකද ආණ්ඩුවට පාලනයක් තිබුණා. අද මිළ පාලනයක් නෑ. වී, හාල් මිළ තිරණය කරන්නේ මාෆියාවෙන්.

පාර්ලිමේන්තුව වාර අවසන් කරලා 18 ට අලුත් ආරම්භයක් කියලා කියනවා. නමුත් කාඩ් කුට්ටම කොහොම ඇනුවත් කුට්ටම පරණ එකමයි. ඒකෙන් මතුවෙන අය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

අපි රජයට කියන්නේ දැන් කාලය එළඹිලා තියෙන්නේ ජන මතය විමසන්න. හැම ප්‍රජාතන්ත්‍රවාදී රටකම වසර දෙකෙන් දෙකට මැතිවරණ පවත්වනවා. එහෙම කරන්නේ ජනමතය උරගා බලන්නයි. අපේ රටෙත් දැන් කාලය එළඹිලා තියෙන්නේ ජනමතය බලන්න. අපි කියන්නේ පළාත් පාලන හෝ පළාත්සභා මැතිවරණය තියන්න.

ප්‍රශ්ණය –  රජය IMF  එකට යයිද  නැද්ද

පිළිතුර –  ඒක කියන්න අමාරුයි. මොකද සෞභාග්‍ය දැක්මේ තියන දේවල් නෙවෙයි ක්‍රියාත්මක කරන්නේ. අනික ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය නැතිව අපි වගේ රටකට ඉදිරියට යන්න බෑ. වත්මන් ආණ්ඩුවත් යන්නේ 2015 ට පෙර තිබ්බ ආණ්ඩුව යන පාරෙමයි. පළවෙනි අවුරුද්දෙම UNA  එක තරහ කරගත්තා. ජාත්‍යන්තර මිත්‍රකම් තුලින් තිරය පිටුපස විශාල වැඩ කොටසක් කරගන්න පුලුවන්. අද රජයට ඒක නෑ. වත්මන් රජය නිසා කොයි පැත්තකින්වත් රටට  සහනයක් නෑ. ලබන මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපිට මොනවා වෙයිද දන්නේ නෑ. මේ පාරනම් යෝජනා සම්මත කර කර ඉන්නේ නැතිවෙයි. ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරයි.

$ads={2}

ආර්ථිකය මෙහෙයවන්න පලපුරුද්ද තියෙන්න ඕනේ.පාර්ලිමේනුතවේ අවුරුදු 5 ක් හිටියත් විවාද තුලින් ඉගෙන ගන්න පුලුවන්. කැබිනට් එකට බලතල නෑ. හැම අමාත්‍යාංශයකටම කාර්‍ය  සාධක බලකායක් පත්කරලා. ඇමතිවරුන්ට වැඩක් නෑ.

ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂක වුනාට පස්සේ පුවත්පත් සාකච්ඡාවක් තිබ්බා. දේශීය ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පවා හිටියා. අවසානයේ ප්‍රශ්ණ දෙක තුනක් ඇහුවා. උත්තර දුන්නද @ සිරස ලක්ෂපති එකේ ලයි*a ලයින් එක වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලයි*a ලයින් එකක් ඉල්ලුවා.ආර්ථිකය ගැන ප්‍රශ්ණයකට උත්තර දෙන්න බැරිනම් කොහොමද රට පාලනය කරන්නේ මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා. මාධ්‍යත් මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි.

ප්‍රශ්ණය –  විමල් වීරවංශට අනුව රටේ තීරණ ගන්නේ පී.බී ජයසුන්දර මහතා.

පිළිතුර – මම එකක් කියන්නම් ප්‍ර:sපත්ති හදන්නේ ආණ්ඩුව. නිලධාරින් නෙවේ. ජනාධිපතිට, ආණ්ඩුවට එන චෝදනාව වෙන පැත්තකට හරවන්නයි මේ හදන්නේ. නිලධාරින්ට බැනලා වැඩක් නෑ. උදාහරණයක් හැටියට කියනවානම් අපේ රජය කාලේ මීරිගම – කුරුණෑගල අධිවේගය හදන්න පටන්ගත්තා. කලින්  ADB එකට  දීලා තිබුණේ. සල්ලි දෙන්න ප්‍රමාද කෙරුවා. මම අපේ රජයට කිව්වා දේශීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් කරමු කියලා. සමාගම් 16 කට දුන්නා. අවුරුදු දෙකෙන් කිලෝ මීටර් 37 ක් කෙරුවා.අන්තිම කිලෝමීටර් 04 හදන්න බැරි උනා. ආණ්ඩුවෙන් අපිව මෛත්‍රී අස්කෙරුව නිසා. වත්මන් රජයට අවුරුදු දෙකක් ගියා කිලෝමීටර් 04 ක් හදන්න. ආණ්ඩුව ප්‍රථිපත්ති හැදුවට පස්සේ නිලධාරින් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි පිටුපසින් ඉදන් ඒක ක්‍රියාත්මක කරනවද බලන්න ඕනේ.

– media unit


Post a Comment (0)
Previous Post Next Post