ශ්‍රී ලංකාව ලෝකයේ සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා - අගමැති මහින්ද රාජපක්ෂ කියයි


ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ පෙරේදා (07 වැනිදා) පැවසීය. 'ද ඉකොනොමිස්ට්' කණ්ඩායම සංවිධානය කළ ආසියා පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් අගමැතිවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මේ බව අවධාරණය කළේය.

$ads={2}

"ඉන්දියන් සාගරයෙන් වට වූ දූපත් රාජ්‍යයක් ලෙස සාගරයට මෙන්ම එහි වැසියන්ට ගෞරව කිරීමටත් ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීමටත් විශාල වගකීමක් ශ්‍රී ලංකාවට පැවරී ඇතැයි" අගමැතිවරයා මෙහි දී පැවසීය. දෙසැම්බර් 06 සිට 10 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා දෙදහසකට අධික පිරිසක් එක්වන අතර කථිකයෝ 100 දෙනෙක් එහිදී දෙසුම් පවත්වති. මෙවර සාකච්ඡාවේ ප්‍රධාන තේමාව වී ඇත්තේ නීල-මූල්‍ය යාන්ත්‍රණයන් සහ ප්‍රධාන ධාරාවේ මූල්‍ය මගින් තිරසර නිල් ආර්ථිකයකට වඩා හොඳින් සහාය විය හැකි ආකාරය විමසා බැලීමයි.

"පර්‌යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු මූල්‍ය හා මානව සම්පත් අවශ්‍ය වන බැවින්, සාගර සුවතාව වැඩිදියුණු කිරීමට සහ සමුද්‍ර ජෛව විවිධත්වය ඉහළ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන් වෙත තිරසර සමුද්‍ර තාක්ෂණය සහ දැනුමෙන් සන්නද්ධ සංවර්ධිත රටවලට ආරාධනා කරනවා. අපි සියලු දෙනාම එකම සාගරය බෙදා හදා ගන්නා බැවින්, සංවර්ධිත රටවල් අපගේ අන්තර්ජාතික සාගර කලාපය සංරක්ෂණය කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව මම විශ්වාස කරමි’’ යැයි අගමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment (0)
Previous Post Next Post