2022 වසරේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට සූදානමක් ඇත්දැයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍යෙව්දියෙකු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් විමසා සිටියේය.
ශ්‍රි ලංකාවේ විදේශ සබඳතා ශක්තිමක් කිරීමට හා විදේශ ණය ලබාගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කිරීමේ සූදානමක් ඇත්දැයි එම මාධ්‍ය වේදියා තවදුරටත් විමසා සිටියේය.
කෙසේ වෙතත් එම ප්‍රශ්නයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පිළිතුරක් නොලැබුණි.
මේ අතර පසුගිය දින කිහිපයේදීම වාර්තා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.
අබුඩාබිහි පැවැති ඉන්දීය සාගර සමුළුවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය.
$ads={2}
එක්සත් ජාතික පක්ෂයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය නියොජනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පිවිසියේය.