වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් තමන්ට එන රෝග ලක්ෂණ සියල්ලක් ම කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් ඇති වන සංකූලතා ලෙස සිතන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (දෙසැ. 2) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගෙන දින කිහිපයක් ඇතුළත උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පැවතිය හැකි බව චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ ය.
$ads={2}
"වැදගත් දේ තමයි අවුරුදු 60ට වැඩි නම් බොහෝ විට ඔබට වෙනත් රෝගාබාධ තියෙනවා. ඔබ හැම තිස්සේ ම වැටෙන්නේ High Risk Group එකට. ඒ නිසා ඉතා වැදගත් නොපමාව මේ නව ප්‍රභේදය ත් සමග ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැකි තරම් ඉහළ මට්ටමක තබා ගන්න. යම් අවස්ථාවකදී රටට අවොත් ඒකට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය සූදානම් කර ගැනීම ඔබගේ වගකීමක්,"
යනුවෙන් ඔහු මෙහිදී වැඩිදුරට ත් සඳහන් කළේ ය.
මීට අමතරව චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින්ගේ සාම්පල පරීක්ෂණ කිරීම සඳහා යොමු කර ඇති බව ය.
එම සාම්පලවල ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් සිටිනවා ද යන්න පරීක්ෂා කර එහි වාර්තාව අද හෝ හෙට දිනයේදී ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී වැඩිදුරට ත් සඳහන් කළේ ය.