සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා සංචාරයක යෙදෙන බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් රත්මලාන ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
19 හැවිරිදි ගුවන් නියමුවරියක වන සාරාගේ අරමුණ වන්නේ, ලොව වටා තනිව පියාසර කරන ලාබාලතම කාන්තාව බවට පත් වීම ය.
පසුගිය අගෝස්තු මාසයේ බටහිර බෙල්ජියමෙන් සිය ලෝක චාරිකාව ඇරඹූ සාරා රදර්ෆර්ඩ් රටවල් 52ක සිය ගුවන් යානය ගොඩ බැස්වීමට සැලසුම් කර ඇත.
ඇගේ ලෝක චාරිකාව 2022 ජනවාරි මාසයේදී නිමා කිරීමට නියමිත අතර 2017 වසරේදී තිස් හැවිරිදි අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වන ශේෂ්ටා වයිස් පිහිට වූ ගිනෙස් වාර්තාව බිඳ හෙළීම සාරාගේ අරමුණ වේ.
මෙම ලෝක චාරිකාව සඳහා ඇය යොදා ගෙන ඇත්තේ, අති සැහැල්ලු ගුවන් යානාවක් වන අතර එම යානය සැහැල්ලු ගුවන් යානා අතර තිබෙන වේගවත් ම ගුවන් යානාවක් ලෙස සැලකේ.
$ads={2}