පෙම්වතාට කථාකරන්න ෆෝන් එක දුන්නැතැයි මහනුවර සිසුවිය බාත්රූම් එකේදී ගිනිතබාගනී

පේරාදෙණිය කළු පාලමෙන්  වැටී 15 හැවිරිදි දැරියකගේ ජීවිතය අහිමිවීමේ ඛේදවාචකය අසන්නට ලැබී සතියක් ඉක්ම යන්නට මත්තෙන් ඇය ඉගෙනුම ලැබූ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලේම 19 හැවිරිදි සිසුවියක නාන කාමරයේදී සිරුරට ගිනි අවුලා ගෙන දිවි හානිකරගත් පුවතක් වාර්තාවේ.

මෙම සිදුවීම පෙරේදා (15 වැනිදා) උදෑසන 10.30 ට පමණ සිදුව ඇත.

$ads={2}

ධනවත් ව්‍යාපාරික පවුලක දියණියක බව කියන ඇය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වී උසස් පෙළ විභාගය සඳහා සූදානමින් සිටි අතර කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ජංගම දුරකථනයෙන් හඳුනාගත් පෙම්වතකු සම්බන්ධ ගැටලුවක් මත මෙසේ දිවි හානි කරගෙන ඇති බවට වාර්තා පළවේ.

සිසුවියගේ මව ගුරුවරියක බවත් පියා ගලහ අන්නාසිවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවත් කියැවිණි. මියගිය සිසුවිය  නිවැසියන්ට නොදන්වා ජංගම දුරකතනයක් භාවිතා කර ඇති අතර එහි තිබූ පණිවුඩයක් තම සහෝදරයාට හා දෙමාපියන්ට හසුවූ අවස්ථාවක කථාබහක් ඇතිව තිබේ.

ඇයට පෙම්වතෙකු සිටින බව දැනගත් දෙමාපියන් දැඩිව අවවාද කර ඇති අතර ඇය වේදනාවට පත්ව කලකිරීමෙන් සිටි බව පැවසේ. ඇයට ජංගම දුරකථනය භාවිතය නිවසේ තහනම් කර ඇති අතර මේ ගැන උරණවී සිටි සිසුවිය නාන කාමරයට ගොස් මෙසේ සියදිවි හානි කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

නාන කාමරයට ගොස් දොර අගුළු වසාගෙන ලීටර් දෙකහමාරක භූමිතෙල් කෑනයක් හා ලීටර් භාගයක භූමිතෙල් කෑනයක් සිරුරට වක්කරගෙන ගිනි තබාගෙන ඇතැයි විමර්ශන වලදී හෙළි විය.

වැඩිදුර විමර්ශන සිදුවේ.


Post a Comment (0)
Previous Post Next Post