ආමර් වීදියේ පිහිටි භද්‍රකාලි අම්මාන් දේවාලයේ වාර්ෂික මංගල්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ විසි හය හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් පෙරේදා (18 වැනිදා) මියගොස් ඇතැයි කොළඹ නාගරික මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි පැවසීය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කෙසෙල්වත්ත්තේ පදිංචි ඉරේෂා මධුරංගනී නමැති 26 හැවිරිදි විවාහක කාන්තාවකි. ඇයට වයස අවුරුදු 10ක දරුවකු සිටියි.
ආමර් වීදිය භද්‍රකාලි අම්මාන් දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ මංගල්‍ය පසුගිය 14 වැනිදා රාත්රියේදී පැවැති අතර මෙම කාන්තාව පේ වී ගිනි පෑගීමේ උත්සවයට සහභාගී වී ඇත. එහිදී දේවාරූඪ වූ කාන්තාව ගිනි පෑගීමේ චාරිත්රයටද සහභාගී වී ඇති අතර එයින් ඇයගේ දෙපා පිලිස්සී ඇත.
$ads={2}
පිලිස්සුම් තුවාලවලට ප්‍රතිකාර නොගෙන නිවසේ සිටි මෙම කාන්තාව පසුව අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගොස් ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් වන සාක්කි විමසීම කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන්ගේ මෙහෙයවීම මත කොළඹ නාගරික මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි ඉදිරියේ ඊයේ (19 වැනිදා) සිදුවූ අතර එහිදී මේ බව අනාවරණය විය.