කි‍්‍රයාකාරි දිනකි. රාජකාරි තරමක් අදික වෙයි. සේවක සේවිකා ප‍්‍රශ්න මතු කරයි. නොසන්සුන් මනසකින් කි‍්‍රයාකරන අතර දුරදිග බලා කටයුතු වල යෙදීම මැනවි. සතුරු බලපෑම්ද එල්ල වන හෙයින් ඉවසීමද මැනවි. සෙම් බහුල රෝගද මතුකරන දිනකි.
වෘෂභ
තරමක් කලබලකාරි ගති ඉස්මතු කරයි. වැදගතුන් ඇසුරට පත්වෙයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තම පවුලේ ප‍්‍රශ්න මත මනස වංචල වෙයි. ඉවසීමෙන් දවසේ කි‍්‍රයාකාරකම් වල යෙදිය යුතු අතර සෙම් කෝප රෝග, ඌෂ්ණාධික රෝග, සිරසගත රෝගද මතු කරයි.
මිථුන
උනන්දුවෙන් දවසේ කි‍්‍රයාකරයි. රාජකාරිවලදී කැපී පෙනෙන චරිතයකි. උපදේශණාත්මක කි‍්‍රයාවන්හිද යෙදේ. සබඳතා වර්ධන කි‍්‍රයාවන් දියත් කරයි. නවක මිතුදම් ඇතිවෙයි. බලාපොරොත්තු රහිත ලෙසින් වැය පසද ඉහල යයි. මූල රෝග බඩවැල් ආශ‍්‍රිත රෝගාදියට පාත‍්‍ර වෙයි.
කටක
ශුභාශුභ ඵල දෙයි. ඉවසීමෙන් දවස ගෙවිය යුතුය. පේ‍්‍රම සබඳතා දෙදරා යයි. මනසට වදදෙන ප‍්‍රශ්න මතු කරයි. ව්‍යාපාර වලද තරමක පහත වැටීමකට හේතුයි. දුරදිග නොබලා කි‍්‍රයාකිරීමෙන් අවාසි සැලසේ. ආහාර විෂවීම් වැනි ආමාශගත රෝගද මතු කරයි.
සිංහ
මිශ‍්‍රඵල ගෙනදෙන අතර අතරමග නතරව තිබූ තම ව්‍යාපාර ඇරඹීමට හේතුයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර ලැබෙයි. තම ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන්ද සමීපවෙයි. ශුභවාදි ඵල මතු කරන දිනකි. හන්දි ප‍්‍රදාහ රෝග, ඉදිමුම් රෝග සාදයි.
$ads={2}
කන්‍යා
ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වන දිනකි. අවිවාහකයන්ට ශුභයි. රාජකාරි වලදී කැපී පෙනේ. තමන් සතු වගකීම් සාර්ථකව ඉටුකරයි. කෙටි ගමන් බිමන්ද යෙදේ. අවිවේකීව ගතකරන දිනකි. සෙම් ආසාදන රෝග, පෙනහළු ආශ‍්‍රිත රෝගාදියට හේතුයි.
තුලා
ශුභවාදී ඵල මතු කරයි. හදිසි ධන ලාභ ලැබීම් වලට හේතුයි. ප‍්‍රබෝධමත්ව රාජකාරි වල යෙදේ. තම ව්‍යාපාර දියුණුවට පත්වෙයි. හිත මිතුරන් ඒකරාශීව කි‍්‍රයාකරයි. සුහදතාවර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරන දිනකි.
වෘශ්චික
ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. තරමක් මනසට අවිවේකී දිනකි. තම සැලසුම් වලට බාධා මතු කරයි. තමන් සතු මිල මුදල් වැයවන අතර කෙටි ගමන්, නිශ්ඵල ගමන් ආදියෙහි යෙදේ. සිත චංචල කරවයි. අතපය රෝග, ස්නායුගත රෝග ආදියට හේතුයි.
ධනු
ශුභවාදී ඵල මතු කරයි. සභාවේ දිනයි. නමුත් යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි. මනසට අවිවේකය මතුකරයි. ඉවසීමෙන් කි‍්‍රයාකළ යුතු දිනකි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. තම ඥාතීන්ද ඒ සඳහා යොමුකරවයි. හන්දි රෝග, කැපුම් කෙටුම් වැනි දේට හේතුයි.
මකර
ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. විනෝදගමන්, වන්දනාගමන් සැලසුම් කරයි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. මිල මුදල් පිළිබඳ ගැටලූ මතු කරයි. අතරමග නතරකල වැඩ ඉදිරියට කරගෙන යාමේ ශක්තිය මතු කරයි. සිරසගත රෝග, විශේෂයෙන් අක්‍ෂිරෝග සාදයි.
කුම්භ
ශුභදිනකි. අරමුණු බොහෝදුරට ජයගනී. දුරගමන් සැලසුම් කරයි. ප‍්‍රබෝධයෙන් රාජකාරිවල යෙදේ. හදිසි ධනලාභ ලැබීම් වලටද හේතුයි. දහමට ලැදිව කි‍්‍රයාකරයි. හිත මිතුරන් සමඟ ඒකරාශීව කි‍්‍රයාකරයි. සෙම් බහුල රෝග සාදයි.
මීන
ශුභඵල ගෙනදෙයි. රැකියා, ලාභ ලැබීම් වලට හේතුයි. තම අරමුණු ජයගනී. තනතුරු ලාභ ලැබීම් ගෙනදෙයි. නව නිර්මාණ, ව්‍යාපාර ඇරඹීමට ශුභ දිනකි. දහමට අවතීර්ණව කි‍්‍රයාකරයි. තම ඇසුරු කරන්නන්ද දහමට යොමු කරවයි. කලක් වදදුන් රෝග සමනයට හේතුයි.