අද දවසේ ලග්න පලාපල - 2022 ජනවාරි මස 16 වන ඉරිදා

මේෂ

ශුභාශුභ ඵල දෙයි. ගමන් බිමන් බහුලවන අතර විදේශ ගමන් ද යෙදේ. බලාපොරොත්තු රහිත වැයවීම්වලට ද හේතුයි. ප‍්‍රීති උත්සව සාද වැනිදේට සහභාගිවීමේ අවස්ථා යෙදේ. සිරාගත රෝග ද මතුකරයි.

වෘෂභ

තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියා කරයි. සුහදතා වර්ධන ක‍්‍රියාවල යෙදේ. ආගමික උත්සව පුදපූජා වැනි දේවලට සහභාගි වන අතර නිවාස අලූතවැඩියා වැනි දේවලට හේතුයි. සන්ධි ප‍්‍රදාහ රෝග සාදයි.

මිථුන

ශුභා ශුභ මිශ‍්‍රඵල ගෙනදෙයි. විනෝදජනක ක‍්‍රියාවන්වල යෙදේ. නවක මිතුදම් පේ‍්‍රම සබඳතා වැනි දේවලට හේතුයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. තම අධ්‍යාපන කටයුතු බොහෝකොට ඉටුවෙයි. සෙම් රෝග මතුකරයි.

කටක

ක‍්‍රියාශීලී දිනකි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියා කරයි. තම ඥාතීන සමග මතභේද ගෙන දෙන අතර මෙදින වාද විවාද සඳහා සුදුසු නොවේ. පොදු සේවා සමාජ සත්කාර ක‍්‍රියා ආදිය යෙදේ. මුත‍්‍රා ආසාදන රෝග මතුකරන දිනකි.

සිංහ

ශුභා ශුභ ඵල මතුකරයි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියා කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සමාජ සත්කාරක ක‍්‍රියාවන්හි යෙදේ. හදිසි ලාභ දෙයි. සෙම් රෝග පෙනහලූ රෝග මතුවේ.

කන්‍යා

ශුභා ශුභ ඵල දෙයි. සුළුවෙන් හෝ ගමන් බිමන්වල ද යෙදේ. සුහදතා වර්ධන ක‍්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක‍්‍රියාකරයි. හදිසි ධනලාභ දේ. සිරාසාගත රෝග මතුකරයි.

$ads={2}

තුලා

ශුභවාදී ඵල දෙයි. කෙටි ගමන් ද යෙදේ. විනෝදජනක ක‍්‍රියාවන්හි නියැළේ දුරස්ථ වූ ඥාතීන් සමීප වෙයි. තම ළඟම ඥාතියකු නිසා මිල මුදලක් වියදම් දෙයි. යටපත්ව තිබූ වාතාධික රෝග මතුකරයි.

වෘශ්චික

ශුභා ශුභ ඵල මතුකරයි. සතුරු බලපෑම් මත සිත චංචල වෙයි. තම ඥාතිමිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියාකරයි. සමාජ සේවා කටයුතුවල යෙද්. වැයපස ඉහළ යන දිනකි. බඩවැල් ආශ‍්‍රත රෝග මතුකරයි.

ධනු

සුපුරුදු රාජකාරීවලින් ඉවත්ව ක‍්‍රියාකරයි. අධ්‍යාත්මික ක‍්‍රියාවන්හි යෙදේ. පුද පූජා ක‍්‍රියා සංවිධානය ද හේතුයි. තම නිවෙස සුළුවෙන් හෝ උත්සව ශ‍්‍රියාවක් ඇති කරයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. හදිසි රෝග මතුවෙයි.

මකර

ප‍්‍රබෝධයෙන් දවස ගෙවයි. දානමානා දී ක‍්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. පේ‍්‍රම සබඳතා වර්ධනය වෙයි. තරමක් හිතුවක්කාර ගති ඉස්මතු වෙයි. අමතර ලාභ ද දෙයි. ආමාශගත රෝග සාදයි.

කුම්භ

තරමක් ක‍්‍රියාශීලී දිනකි. අතරමඟ නතර කළ ක‍්‍රියා ඉදිරියට කරගෙන යයි. ප‍්‍රීති උත්සව වැනි දේවල් සංවිධානය හෝ සහභාගිවීම් හෝ යෙදේ. තරමක් මිල මුදල් අධිකව වැයවන දිනකි. අර්ශස් රෝග ද මතුකරයි.

මීන

විනෝදකාමීව ක‍්‍රියා කරයි. ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව ක‍්‍රියා කරයි. තම නිවස උත්සව ශ‍්‍රියාවක් මතුකරයි. ඥාති මිත‍්‍රාදීන් අතර ප‍්‍රසාදයට පත්වෙයි. තම තත්ත්වයේ උසස්වීමක් ද හේතුයි. සෙම් බහුල රෝග මතුකරයි.

Post a Comment (0)
Previous Post Next Post