අද දවසේ ලග්න පලාපල - 2022 ජනවාරි මස 14 වන සිකුරාදා

මේෂ

කි‍්‍රයාශීලී දිනකි. විනෝද ගමන් වන්දනාගමන් ආගමික උත්සව ආදියෙහි යෙදේ. සුහද හමුවීම් වැනි දේට ද හේතුයි. නවක සබඳතා තුළින් ප‍්‍රසාදයට පත්වෙයි. හදිසි ධන වාසනා ලාභ ලබයි. සිරසගත රෝග සාදන දිනකි.

වෘෂභ

ප‍්‍රබෝධමත්ව කි‍්‍රයා කරයි. පී‍්‍රති උත්සවවල නිරතවේ. නවක මිතුදම් ඇති වෙයි. මානසික පීඩා දුරුවෙයි. තම අරමුණු ජය ගනී. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. අමතර ලාභ ලබයි. සෙම් රෝග මතුකරයි.

මිථුන

සුපුරුදු කි‍්‍රයාවන්ගෙන් දුරස්ථව විනෝදජනක කි‍්‍රයා ගමන් ආදියෙහි යෙදේ. ගිවිසුම් අත්සන් තැබීම වැනි දේට ශුභයි. නව නිර්මාණකරණයට ශුභයි. පී‍්‍රති උත්සව වැනි දේවලට සහභාගි වෙයි. වාත රෝග මතුකරයි.

$ads={2}

කටක

සමාජ සත්කාරක කි‍්‍රයා පොදු සේවා ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කි‍්‍රයා කරයි. ආගමික උත්සවවලට සහභාගි වෙයි. ඇසුරුකරන්නන් අතර ප‍්‍රසාදයට පත්වන කරුණු යෙදේ. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට රෝග මතුවේ.

සිංහ

තම ඥාති මිත‍්‍රාදීන් සමග සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. පොදුසේවා සමාජ සත්කාරක කි‍්‍රයා සඳහා යොමු වෙයි. ආගමික පුද පූජා දාන මානාදී කි‍්‍රයාවන්හි යෙදේ. අමතර ලාභ ද ලබයි. ස්නායුගත රෝග මතුකරයි.

කන්‍යා

සුපුරුදු කි‍්‍රයාවන්ගෙන් දුරස්ව දහමට ලැදිව කි‍්‍රයා කරයි. දුරගමන් බිමන් යෙදේ. පී‍්‍රතිසාද වැනි දේට ද සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර තැන්පත් ධනය තරමක් වැයවන දිනකි. ආමාශගත රෝග මතුවේ.

තුලා

කි‍්‍රයාශීලි දිනකි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරන අතර ආගමික වතාවත් ධාන්‍ය පුණ්‍යකර්මවල යෙදේ. විනෝදාත්මක කි‍්‍රයාවන්වල ද නිරතවන අතර වැයපස ද ඉහළ යයි. සෙම් බහුල රෝග මතුවේ.

වෘශ්චික

තරමක් අවිවේකී බව මතුකරයි. පොදුසේවා කටයුතුවල යෙදේ. දහමට ලැදිව කි‍්‍රයා කරයි. දාන මානාදී කුසලකර්මවල යෙදේ. නවක මිතුදම් ඇතිවන අතර මිල මුදල් වැයවේ. සන්ධි රෝග ඉදිමුම් රෝග සාදයි.

ධනු

ශුභවාදී ඵල ගෙන දෙයි. ගමන් බිමන් අධිකවන අතර දහමට ලොල්ව කි‍්‍රයා කරයි. ආගමික උත්සවවලට සහභාගි වීමට ඉඩ තිබේ. විනෝද ජනක කටයුතුවල ද යෙදේ. හදිසි රෝගවලට හේතුයි.

මකර

සුබවාදී කටයුතුවල යෙදේ. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමුවන අතර ඇසුරු කරන්නන් ද දහමට යොමු කරන දිනකි. ක‍්‍රියාශීලියි. වැයපස ඉහළ යයි. සතුටින් දවස ගෙවයි. පාදවල පීඩා මතුකරයි.

කුම්භ

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. කෙටි ගමන් බිමන් බහුල දිනකි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. දාන මානාදී කුසල් කි‍්‍රයාවන්හි යෙදේ. පී‍්‍රති උත්සව විනෝද ජනක කටයුතු ආදියෙහි යෙදේ. සෙම් කෝප රෝග මතුවෙයි.

මීන

ශුභාශුභ මිශ‍්‍රඵල උදාකරයි. දුරස්ථ වූ ඥාතීන් සමීපවන කරුණු යෙදේ. ආගමික පුද පූජාකර්මවල යෙදේ. පී‍්‍රති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. පොදු සේවා කටයුතුවලද යෙදේ. ආහාර විෂ වීමේ රෝග මතුවෙයි.

Post a Comment (0)
Previous Post Next Post