දැවැන්ත අර්බුද රැසක් කරපින්නා ගෙන අද (ජන. 1) අරඹන ‘අසුබ වසර’ සුබ කර ගැනීමට ඇති එක ම බලාපොරොත්තුව ජනතාවගේ නව දේශපාලන නැගිටීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
ඉන්ධන, ගෑස්, බස් හා කුලී රථ ගාස්තු, හාල්, පොල්, එළවළු, ලුණු, මිරිස්, බේකරි නිෂ්පාදන, කිරිපිටි ඇතුළු සියලු ආහාර මිල ගණන් ඉහළ යාම හා භාණ්ඩ හිඟය ඉහළ ගොස් ජනතාව දැවැන්ත ව්‍යසනයකට ගොදුරු වී ඇති මේ මොහොතේ කිසිවකට වගකියන පාලකයෙකු හෝ පාලනයක් අද පෙනෙන්නට නොමැති බව ත් ආණ්ඩුවේ මදි නොකියන්නට ඇත්තේ අමන තීරණ හා කටමැත දෙඩවීම පමණක් බවත් ජවිපෙ නායකයා පෙන්වා දෙයි.
වසර 72ක් පුරා ඉගෙන ගැනීමට නොහැකි වූ දේශපාලන පාඩම් ගෙවුණු වසර දෙක තුළ ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණු අතර ඒ අත්දැකීම් සමග ජනතාව නැවුම් දේශපාලන ගමනක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් අදිටනින් පෙළගැසෙමින් සිටින බවත් ඔවුන් රට වෙනුවෙන් තෝරාගෙන ඇති දේශපාලන ව්‍යාපාර කුමක්දැයි අවබෝධ කරගැනීම රටටම සුබ වනු ඇති බවත් දිසානායක මහතා කියයි.