අම්මලා කැමැති කෙනකුට බන්දන්න හදනවා පැහැරගත්තේ නැහැ; මම ගියේ කැමැත්තෙන් - බණ්ඩාරගම තරුණිය කියයි

"තමා පැහැර ගෙන ගියා නොව ස්වකැමැත්තෙන් ගියායැයි " පැහැරගැනීමට ලක් වූ බව කියන බණ්ඩාරගම අලුත්ගම තරුණිය ඊයේ (11 වැනිදා) බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් පවසා ඇතැයි පොලිසිය කියයි.

කඩු පොලු අතැතිව පැමිණ නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වූ පිරිසක් තම දියණිය පැහැරගෙන ගිය බවට විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බිරිඳ පෙරේදා (10 වැනිදා) පොලිසියට පැමිණිලි කරන ලදී. අනතුරුව විමර්ශන සිදු කරමින් සිටියදී පැහැරගැනීමට ලක්වූ බව කියන දියණියගෙන් ඉහත දුරකථන ඇමතුම ස්ථානාධිපතිවරයාට ලැබී ඇත.

මෙම සිද්ධියෙන් විශ්‍රාමික පොලිස් සැරයන්වරයා මෙන්ම තරුණිය රැගෙන යාමට පැමිණි පුද්ගලයකු ද තුවාල ලබා රෝහල්ගත කර සිටින අතර එලෙස පැමිණි තවත් පුද්ගලයකු හොර රහසේම කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බව විමර්ශනවල දී තවදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි

තමන් කලක සිට ආදරය කළ පුද්ගලයකු සිටිය දී මවුපියන් පුද්ගලයකු යෝජනා කළ අතර ඔහු නිවසට ද යාමට ඒමට පටන් ගැනීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩාවට ලක්වූ බව එම තරුණිය පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වේ.

$ads={2}

තරුණිය පැහැරගෙන යාමට පැමිණි පුද්ගලයා පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් තහවුරු කරගත් පොලිසිය ඔහු පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේ දී ඔහු බණ්ඩාරගම පිළියන්දල බස් රථයක රියැදුරකු බවට අනාවරණය කරගෙන තිබේ.

ඔවුන් දෙනාටම ඊයේ (11 වැනිදා) පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී ඇත. බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ආර්. සී රාජපක්ෂගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාත් කුමාර පරීක්ෂණ පවත්වයි.

මීට පෙර පුවත - ගෙට පැන්න සන්නද්ධ කල්ලිය විශ්‍රාමික සැරයන්ට කඩුවෙන් ඇන රූමත් දියණිය පැහැරගනී

Post a Comment (0)
Previous Post Next Post