මාර්ගයේ ගමන් ගන්නා වෙනත් වාහන වල විදුලි ආලෝක ධාරාවන් හේතුවෙන් එකී මැර පිරිස් පලා යන වාහන වල අංක හරියාකාරව හඳුනා ගැනීමට අපහසු වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ හේතුවෙන් එම දර්ශන තව දුරටත් විශ්ලේෂණය කර ගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට යොමු කිරීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කළේය
පහරදීමට පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය කොහුවල දක්වා ධාවනය කරන අයුරු නිරීක්ෂණය වී ඇති බවද පොලිසිය පවසයි.
$ads={2}
එමෙන්ම සමරවික්‍රම මහතාගේ නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ගමන් ගත් වාහනය දෙහිවල සරණංකර පාර දෙසින් පැමිණි බවට සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමට තොරතුරු අනාවරණය වී ඇත.
මාර්ග කිහිපයක සහ ගොඩනැඟිලිවල සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගෙන මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය..