අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායකයා වන අබු ඉබ්රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි එක්සත් ජනපද හමුදා නිලධාරීන් වයඹදිග සිරියාවේ සිදු කළ මෙහෙයුමකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ, තම මග පෙන්වීම අනුව එක්සත් ජනපද
හමුදා විසින් ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් සාර්ථකව දියත් කරන ලද බව ය."අපගේ සන්නද්ධ හමුදාවන්ගේ නිර්භීතකමට ස්තූතිවන්ත වන්නට, අපි ISIS නායක අබු ඉබ්රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි යුද්ධ පිටියෙන් ඉවත් කළෙමු,'' ඔහු පැවසීය.
ජනාධිපති බයිඩ්න් වැඩිදුරට ත් සඳහන් කළේ, මෙහෙයුමට සම්බන්ධ සියලු ම අමෙරිකානුවන් නිරුපද්‍රිතව ආපසු පැමිණි බව ය.
කුරාෂි පිළිබඳ තොරතුරු සපයන්නෙකුට ඇමරිකානු රජය ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් ලබා දීමටද ඉදිරිපත් විය.
$ads={2}
කෙසේ වෙතත්, සිරියානු මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම මෙහෙයුමෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ය.
සිරියානු මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු නවාතැන් ගෙන සිටි නිවස වැටලීමේදී බෝම්බයක් පුපුරුවා හරින ලද බවයි.ඔහු කාන්තාවන් සහ ළමුන් ඇතුළු ඔහුගේම පවුලේ සාමාජිකයන් ද ඝාතනය කළ බව නිලධාරියෙක් පැවසු බවත් කුරාෂි කුලී නිවසක මාස 11 ක් පමණ කාලයක් එයාගේ දරුවෝ තුන්දෙනායි එයාගේ බිරිඳයි එයාගේ වැන්දඹු සහෝදරියයි එයාගේ දුවයි සමග ජීවත් වී ඇති බවයි
2019 වසරේ ඔක්තෝබර් මාසයේදී කුරේෂිගේ පූර්වගාමියා වූ අබු බකර් අල්-බැග්ඩාඩ් මියගිය පසු වයඹදිග සිරියාවේ සිදු කළ විශාලතම එක්සත් ජනපද විශේෂ බලකා මෙහෙයුම මෙය යැයි විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කළේ ය.