
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.
$ads={2}
එමඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව ගණනය කරනු ලබන 2020 වර්ෂයේ අප්‍රේල් මස පළමු වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා එම අධිභාර බද්ද පැනවීමට නියමිතයි.
එම පනත් කෙටුම්පතේ අර්ථකථනයට අනුව විශ්‍රාම වැටුප් අරමුදලක්, අර්ථ සාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක් ද සමාගම යන අර්ථ නිරූපනයට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.