අද දවසේ ලග්න පලාපල - 2022 මාර්තු මස 16 වන බදාදා

මේෂ

කි‍්‍රයාශීලී දිනකි. ගමන් බිමන් ද බහුල වෙයි. වැයපස ද ඉහළ යයි. බාධා බලවේග බැවින් ආවේගශීලී වෙයි. නමුත් ඉවසීමෙන් කි‍්‍රයා කළ යුතුයි. දේපළ පිළිබඳ ප‍්‍රශ්නයක් යහපත්ව විසඳේ. සෙම් රෝග මතුකරයි.

ජය අංකය: 03

ශුභ වර්ණය: දම්,

වෘෂභ

ගමන් බිමන් බහුල වෙයි. රාජකාරි ස්ථානවල මූලිකව කි‍්‍රයා කරයි. සුහදතා වර්ධන කටයුතුවල යෙදෙන අතර ප‍්‍රසාදයට පත් වෙයි. පතල් කැණීම් වැනි දේවලින් ජයග‍්‍රහණ ලබන දිනකි. සන්ධි ප‍්‍රදාහ රෝග ද මතු කරයි.

ජය අංකය: 07

ශුභ වර්ණය: සුදු,

මිථුන

රැකියා ප‍්‍රශ්න විසඳෙන මාර්ග සැලසේ. අතරමැද නතර කළ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති වෙයි. සභාවේ දිනයි. සතුරු කරදරවලට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් දවසේ කි‍්‍රයාවේ යෙදිය යුතුයි. සිරසගත රෝග ද මතු කරයි.

ජය අංකය: 06

ශුභ වර්ණය: රන්වන්,

කටක

රාජකාරි ප‍්‍රබෝධයෙන් ඉටුකළත් උසස් නිලධාරීන් සමග මතවාදවලට ඉඩ තිබේ. ඉවසීම මැනවි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. පොදු සේවා කටයුතුවල ද යෙදේ. පුණ්‍ය කි‍්‍රයාවන්වලට යොමු වෙයි. මුත‍්‍රා ආසාදන රෝග සාදයි.

ජය අංකය: 04

ශුභ වර්ණය: රෝස,

$ads={2}

සිංහ

ශුභාශුභ මිශ‍්‍රඵල උදා කරයි. හවුල් ව්‍යාපාරවලින් ජය ලබයි. පී‍්‍රති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සෙම් බහුල වීමෙන් හටගන්නා රෝගවලට හේතුයි.

ජය අංකය: 01

ශුභ වර්ණය: ළා රෝස,

කන්‍යා

ශුභඵල මතුකරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. රැකියා ලාභ ලබයි. රැකියා ස්ථානවල ප‍්‍රධාන වෙයි. යාන වාහන මිලට ගැනීමට, විකිණීමට ශුභයි. ආමාශගත රෝගවලට හේතුයි.

ජය අංකය: 05

ශුභ වර්ණය: කොළ,

තුලා

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරදිග නොබලා කි‍්‍රයා කිරීමෙන් තරමක් අවාසි සිදු කර ගනී. සන්ධි, වාත රෝග මතු කරයි.

ජය අංකය: 02

ශුභ වර්ණය: කී‍්‍රම්,

වෘශ්චික

ශුභාශුභ මිශ‍්‍රඵල මතුකරයි. දුරගමන් බිමන් යෙදේ. සුහදතා වර්ධන කි‍්‍රයාවන්ගෙන් ජය ලබයි. නව නිපැයුම් සිදු කිරීමට ශුභ දිනකි. තරමක් වැයපස ඉහළ යයි. ආමාශගත රෝග සාදයි.

ජය අංකය: 08

ශුභ වර්ණය: රතු,

ධනු

ශුභවාදී ඵල මතු කරයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තනතුරු ලාභ ලබයි. ව්‍යාපාර දියුණු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. දහමට ලැදි වෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතු කරයි.

ජය අංකය: 01

ශුභ වර්ණය: කහ,

මකර

ශුභාශුභ ඵල මතුකරයි. යහපත් චේතනා මතුවෙයි. දුරස්ථ කළ මිතුරන් සමීපයට ගනී. ප‍්‍රබෝධවත්ව රැකියාවල යෙදේ. තරමක් වැයපස අධික වන දිනකි. අලංකාර කටයුතු සඳහා යොමු වෙයි. නහර වේදනා, ස්නායුගත රෝග සාදයි.

ජය අංකය: 08

ශුභ වර්ණය: දුඹුරු,

කුම්භ

ශුභඵල ගෙනදෙයි. තම අරමුණු ජය ගනී. තත්ත්වයේ උසස්වීමකට හේතුයි. රැකියා ස්ථානවල ප‍්‍රසාදය දිනයි. මිල මුදල් තරමක් වැය වන දිනකි. සුහද හමුවීම් වැනි දේට හේතුයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. තරමක් සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි.

ජය අංකය: 05

ශුභ වර්ණය: නිල්

මීන

ශුභවාදී ඵල ගෙනදෙයි. ව්‍යාපාර දියුණු වෙයි. රාජකාරිවලදී කි‍්‍රයාශීලී වෙයි. ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සෙම් රෝග, පෙනහලූ ආශි‍්‍රත රෝග වර්ධනය වෙයි.

ජය අංකය: 09

ශුභ වර්ණය: තැඹිලි,

Post a Comment (0)
Previous Post Next Post