ජනපති ඉල්ලා අස්වෙන්න යන කතාවේ ඇත්ත නැත්ත...


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා කියා සිටියේ ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පළා යන පුද්ගලයකු නොවන බවයි.

ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

$ads={2}

කිංස්ලි රත්නායක කියා සිටියේ රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් කටකතා පතුරවන බවයි.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සළකා බලන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මෙම ප්‍රකාශය සිදු කර ඇත.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ හමුවක් කැඳවා ඇතැයි වාර්තා වේ.

පවතින ආර්ථික අර්බුදය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 23 වැනි බදාදා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට ද නියමිතය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සාකච්ඡා කිරීම සඳහා මෙම සමුළුව සංවිධානය කර තිබේ.

Post a Comment (0)
Previous Post Next Post