විරෝධතාවක් හේතුවෙන් නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ උත්සවයක් හා වසන්ත උදානය නතර කෙරේ

නුවරඑළිය කාල්ටන් පෙර පාසලේ පැවැත්වීමට සැලසුම් කර ඇති අවුරුදු උත්සවය නැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ නුවරඑළිය බස් නැවතුම්පලේ සිට ගමන් ආරම්භ කරන කෙටි දුර සහ දිගු දුර ධාවනය වන බස් රථ සේවකයන් විසින් ආරම්භ කෙරුණු විරෝධතාවක් හේතුවෙන්.

උද්ගෝෂණකරුවන් මෙන්ම ප්‍රදේශවාසීන් විසින් නුවරඑළිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසල වෙත පැමිණ එම පාසල ඉදිරිපිට කළු කොඩි සහිතව උද්ඝෝෂණයේ නිරතව තිබෙනවා.

එමෙන්ම කාල්ටන් අවුරුදු උත්සවය මෙන්ම නුවරඑළිය නගරයේ පැවැත්වෙන නුවරඑළිය වසන්ත උදානයද නවත්වන මෙන් දන්වමින් එම උද්ඝෝෂණකරුවන් නුවරඑළිය කාල්ටන් පෙරපාසලටත් ග්‍රෙගරි වැව පරිශ්‍රයටත් පැමිණ ඇති අතර පසුව ඔවුන් නුවරඑළිය වසන්ත සැණකෙළිය ආරම්භක උත්සවයට ද ඇතුළුවී ඇති බවයි සඳහන් වන්නේ.

පසුව නුවරඑළිය වසන්ත සැණකෙළියේ සංවිධායකයින් විසින් එම උත්සවය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. 

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post