පසුගිය 19 වනදා රඹුක්කන දී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට උපදෙස් දී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුවට සම්බන්ධ ජනප්‍රිය ගායකයෙකු බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් තොරතුරු වාර්තා වේ.
ඒ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා බවටයි එම තොරතුර වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම, එම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා අණදුන් කෑගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නට වෙඩි තැබීම අතරතුර දුරකතන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බවටද පසුගියදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී තොරතුරු අනාවරණ වුණි.
$ads={2}
මේ සම්බන්ධව විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු පසුගියදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ සිද්ධිය වූ දිනයේ දී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත දුරකතන ඇමතුම් ලබා දී ඇති බවයි.මෙරට පෞද්ගලික යූ ටියුබ් නාළිකාවක සංවාදයකට එක්වෙමින් ශ්‍රී ලංකා පොලිසියේ අසාධාරණයට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල මහතා ද කියා සිටියේ අදාළ වෙඩි තැබීම සඳහා දිලුම් අමුණුගම මහතා නියෝග ලබාදී ඇති බවයි.