ඉරාජ්ගේ නිරුවත හෙළිවෙයි..

පසුගිය 19 වනදා පානදුර නගරයෙන් ගාලුපාර අවහිර කරමින් පැවැත්වූ විරෝධතාවයේදී ඇතිවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න සිය මුහුණු පොතේ තබා තිබූ සටහන බොරුවක් බව හෙළි වී තිබේ .

$ads={2}

එමගින් ඔහු ජනතාව ආණ්ඩුවට එරෙහිව සිදුකරන විරෝධතා මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන දැඩි මර්ධනකාරී වැඩපිළිවෙල වසන්කිරීමේ උත්සාහයක නිරත වන බව පෙනී යයි.

පසුගිය 19 වනදා ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් පානදුර ඔරලෝසු කනුව ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළ අතර, එම විරෝධතාවයට එදින රාත්‍රි වනවිට පොහොට්ටු පක්ෂයේ තවත් පිරිසක් සම්බන්ධවී තබුණි.

මෙම පිරිස මෙහෙය වූ මාධව ගුරුගේ නමැති පුද්ගලයා හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන සහයෙකයෙකු මෙන්ම පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

ඔවුන් 20 දින උදෑසන පානදුර ලංගම බස් නැවතුම්පොළ ඉදිරිපිට සහ සතොස වෙළෙඳ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය ද අවහිර කරමින් විරෝධතාවය ආරම්භ කර තිබුණි.

පසුව ඔවුන් පානදුර අතුරුමාර්ගද වසාදමා විරෝධතාවය පවත්වාගෙන ගිය අතර, මේ සම්බන්ධයෙන් විරෝධතාකරුවන් සහ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් පසු ප්‍රදේශවාසීන් විසින් විරෝධතාකරුවන් ඉදිකර තිබූ ටෙන්ට් ආවරණ ගලවා ඉවත්කර මාර්ගය විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය.

රට ආර්ථික ආගාධයකට ඇදදැමීමට කටයුතු කළ ආණ්ඩුවට එරෙහිව ජනතාව සිදු කරන අරගල කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ පිරිස් මෙලෙස කටයුතු කිරීම ඉතා කනගාටුදායක තත්වයකි.

Post a Comment (0)
Previous Post Next Post